Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:40 - Sinhala New Revised Version

40 මේ නිසා සලමොන් ජෙරොබෝවම් මරන්නට සෙවී ය. එහෙත්, ජෙරොබෝවම් පිටත් වී මිසරයේ රජු වූ ෂීෂක් වෙත මිසරයට පලා ගොස් සලමොන්ගේ මරණය දක්වා එහි සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 මේ නිසා සලමොන් ජෙරොබෝවම් මරන්නට සෙවී ය. එහෙත්, ජෙරොබෝවම් පිටත් වී මිසරයේ රජු වූ ෂීෂක් වෙත මිසරයට පලා ගොස් සලමොන්ගේ මරණය දක්වා එහි සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

40 ඒ නිසා සාලමොන් යෙරොබොවම් මරන්ට සෙවීය. එහෙත් යෙරොබොවම් පිටත්වී මිසරයේ රජවූ ෂීෂක් වෙත මිසරයට පලාගොස්, සාලමොන්ගේ මරණය දක්වා එහි සිටියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:40
11 හුවමාරු යොමු  

සමිඳාණෝ කැමැති නොවන සේක් නම්, කිසිවෙකුට කිසිවක් නොකළ හැකි ය.


අවසානය තෙක් කුමක් වන්නේ දැ යි පටන්ගැන්මේ සිට ම මම කීවෙමි. සිදු වන්න යන දේ පුරාණයේ සිට ම මම ප්‍රකාශ කෙළෙමි. මා අදහස් කළ දේ නොවරදින බවත්, මා ඉටාගත් හැම දේ ඉටු කරන බවත් මම කීවෙමි.


ප්‍රඥාව, තීක්ෂණ ඥානය, අනුශාසනය, සමිඳුන්ට විරුද්ධ නම්, මේවායින් වැඩක් නැත.


එවිට ආසා රජ දිවැසිවරයා කෙරෙහි කෝප වී ඔහු හිර ගෙයි දැමී ය. මන්ද, ඔහු මේ කාරණය ගැන ඔහු සමඟ උදහස් ව සිටි බැවිනි. එම කාලයේ ම ආසා සෙනඟගෙන් සමහරෙකුටත් පීඩා කෙළේ ය.


මෙලෙස සලමොන්ගේ පාපය නිසා දාවිත්ගේ වංශයට පීඩා කරන්නෙමි. එහෙත්, එය සදහට ම නොවනු ඇත.’ “


තවද, සලමොන් රජු කෙරෙන් පලා ගොස් මිසර දේශයෙහි වාසය කළ නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයෙහි සිටිය දී ම ඒ බව ඔහුට සැළ විය.


සලමොන් රජු ඉදිරියෙන් පලා ගොස් සිටි නෙබාත්ගේ පුත් ජෙරොබෝවම් මිසරයේ දී ඒ බව අසා මිසරයෙන් හැරී ආයේ ය.


එවිට සාවුල් ඔහුට අනින පිණිස ඔහු දෙසට හෙල්ලය වීසි කෙළේ ය. තම පියා දාවිත් මරන්නට නියම කරගෙන සිටින බව එයින් ජොනතන් තේරුම්ගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්