Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:21 - Sinhala New Revised Version

21 දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝ‍ට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 දාවිත් රජු මියගිය බවත්, ජෝවාබ් සෙන්පති මළ බවත් හදද් මිසරයේ දී අසා, “මාගේ රටට යන්නට මා හැරිය මැනව”යි පාරාවෝ‍ට කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 දාවිත් තමාගේ පියවරුන් සමඟ සැතපුණු බවත් යෝවාබ් සේනාපතියා මළ බවත් හදද් මිසරයේදී අසා: මාගේ රටට යන්ට මා හැරිය මැනවයි ඵාරාවෝට කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:21
10 හුවමාරු යොමු  

මෙසේ කී පසු දාවිත් රජ මියගියේ ය. ඔහුගේ නගරයේ ඔහු භූමදාන කරන ලදී.


“නැඟිට ළදරුවා ද ඔහුගේ මෑණියන් ද රැගෙන ඉශ්රායෙල් දේශයට යන්න; ළදරුවාගේ ජීවිතය නසන්න තැත් කළ අය මළහ”යි කී ය.


එවිට ජෙහෝයාදාගේ පුත් බෙනායා ගොස් ඔහුට පහර දී, ඔහු මරාදැමූ පසු පාළුකරයෙහි තිබුණු ඔහුගේ ම ගෙයි ඔහු භූමදාන කරනු ලැබී ය.


අබ්නේර් දාවිත්ට කතා කොට, “මම පිටත් ව ගොස්, සියලු ඉශ්රායෙල්වරුන් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ ගිවිසුමක් කරන පිණිස ඔවුන් ඔබ වෙත රැස් කරගෙන එන්නෙමි; මෙසේ ඔබේ සිත් ගන්න සියල්ලන් කෙරෙහි ඔබ රජකම් කරනු ඇතැ”යි කීවේ ය. දාවිත් අබ්නේර්ට යන්නට අවසර දුන් විට ඔහු සාමදානයෙන් ගියේ ය.


පහන් වන වේලාවේ දී සාමුවෙල් පියස්ස උඩ සිටි සාවුල්ට අඬගසා, “නැඟිටින්න, මම ඔබ පිටත් කර යවමි”යි කීවේ ය. සාවුල් නැඟිට්ටේ ය. ඔහු සහ සාමුවෙල් එකට වීදියට ගියේ ය.


රාහාබ් පිළිතුරු දෙමින්, “ඔබ කී ලෙස ම වේ වා”යි ඔවුන් පිටත් කර යැව්වා ය. ඔව්හු ද පිටත් ව ගියෝ ය. එවිට ඈ රතු පටිය කවුළුවේ බැන්දා ය.


සමිඳාණන් වහන්සේ මිදියන්හි දී මෝසෙස් අමතමින්, “මිසරයට ආපසු යන්න, නුඹව මරන්නට සෙවූ සියල්ලෝ ම මළ හ”යි වදාළ සේක.


මෙලෙස ඔහු තම සොහොයුරන් පිටත් කර හැරියේ ය. ඔවුන් නික්ම යන විට, “අතරමඟ දී දබර නොකරන්නට බලාගන්නැ”යි ඔහු ඔවුන්ට කීවේ ය.


තාපෙනෙස් රැජිනගේ සහෝදරී ඔහුගෙන් ගෙනුබත් නම් පුත්‍රයා ලැබුවා ය. තාපෙනෙස් පාරාවෝ‍ගේ මාලිගාවේ දී ඔහු ඇතිදැඩි කළා ය. ගෙනුබත් පාරාවෝ‍ගේ මාලිගාවෙහි පාරාවෝ‍ගේ පුත්‍රයන් අතර ජීවත් විය.


එවිට පාරාවෝ‍ ඔහුට කතා කොට, “ඔබේ රටට යන්න හදන්නේ මා ළඟ ඔබට මොන හිඟයක් නිසා දැ”යි ඇසී ය. “හිඟයක් නැත, එහෙත්, කෙසේ වුව ද මට යන්නට අවසර දුන මැනව”යි ඔහු උත්තර දිනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්