Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 11:1 - Sinhala New Revised Version

1 සලමොන් රජ බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝ‍ගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සලමොන් රජ බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට එනම්, පාරාවෝ‍ගේ දුව ඇතුළු මෝවබ්වරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද ඒදොම්වරුන්ගේ ද සීදොන්වරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද කාන්තාවන් වන බොහෝ‍ විජාතික ස්ත්‍රීන්ට ඇළුම් ව සිටියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 සාලමොන් රජ බොහෝ අන්‍යජාති ස්ත්‍රීන්ට එනම් ඵාරාවෝගේ දුව ඇතුළුව මෝවබ්වරුන්ගේද අම්මොන්වරුන්ගේද ඒදොම්වරුන්ගේද ශීදොන්වරුන්ගේද හිත්තීවරුන්ගේද කාන්තාවන්වූ බොහෝ අන්‍ය ජාති ස්ත්‍රිවරුන්ටත් ආදරේවුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 11:1
20 හුවමාරු යොමු  

තවද, ඔහු තම සිත මුළා ව නොයන පිණිස බොහෝ භාර්යාවන් ද පාවා නොගත යුතු ය. තම වාසියට බොහෝ රන් රිදී ද සපයා නොගත යුතු ය.


නරක ගැහැණියකගෙන් ද ඉච්චා බස් දොඩන අන් අඹුවන්ගෙන් ද ඒවා ඔබ රැකගනියි.


එවිට ඔබ දුරාචාර කාන්තාවගෙන් ද ඉච්චා බස් දොඩන වෙසඟනගෙන් ද ආරක්ෂා වනු ඇත.


ඒ මඟින්, දුසිරිතට සිත දුන් ස්ත්‍රියකගෙන්, ඉච්චා බස් දොඩන ස්ත්‍රියකගෙන්,


තම තමන්ගේ දෙවිවරුන්ට සුවඳ දුම් සහ පූජා ඔප්පු කළ තමාගේ සියලු විජාතික භාර්යාවන්ටත් ඔහු එසේ ම සාදා දුන්නේ ය.


වෙසඟනකගේ කට ගැඹුරු වළක් වැන්න; සමිඳුන්ගේ කෝපයට පාත්‍රවන්නෝ ඒ වළේ වැටෙති.


තවද, සලමොන් රජු මිසරයේ රජු වන පාරාවෝ‍ගේ දුව සරණ පාවාගෙන, පාරාවෝ‍ සමඟ ගිවිසුමක් කරගත්තේ ය. ස්වකීය මාලිගයත්, සමිඳාණන් වහන්සේගේ මන්දිරය හා ජෙරුසලම වටකර පවුරත් ගොඩනඟා නිම කරන තුරු, ඔහු ඇය දාවිත් රජුගේ නුවරට ගෙනාවේ ය.


එවිට ඔබේ ඇස අද්භූත දේ දකියි; ඔබේ කට විලම්බීත දොඩවයි.


නුඹේ භාර්යාව ජීවත් ව සිටිය දී, ඇගේ සහෝදරිය තවත් භාර්යාවක වශයෙන් පාවාගෙන ඇගේ නිරුවත අනාවරණය නොකළ යුතු ය.


ඇරත් නුඹේ පුතුන්ට ඔවුන්ගේ දූවරුන් පාවා දී, ඔවුන්ගේ දූවරුන් මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න කල නුඹලාගේ පුතුන් ද මට අවිශ්වාසවන්ත වී අන් දෙවිවරුන් වැළඳගන්න පුළුවන.


තවද, ඔහු නෙබාත්ගේ පුත් ජෙරොබෝවම්ගේ පාප මාර්ගයෙහි හැසුරුණා පමණක් නොව, සීදොන්වරුන්ගේ රජ වූ එත්බාල්ගේ දුව වන ජෙශෙබෙල් බිරිඳ කොට පාවාගත්තේ ය. ඇරත්, ඔහු ගොස් බාල් දේවතාවාට වැඳුම්පිදුම් කරමින් නමස්කාර කෙළේ ය.


මේ හැම දෙන ම අන්‍ය ජාතික ස්ත්‍රීන් පාවාගෙන සිටියෝ ය. ඒ භාර්යාවන්ගෙන් සමහරු දරුවන් ද ලැබ සිටියෝ ය.


ඔබේ මුළු කාය ශක්තිය කම්සැපට ම කැප නොකරන්න; ඔබේ සම්පත රජුන් වනසන කතුන් උදෙසා නාස්ති නොකරන්න.


සලමොන්ගේ පුත් රෙහොබෝවම් ජුදාහි රජකමට පත් විය. රෙහොබෝවම් රජකමට පත් වන කල සතළිස් එක් අවුරුද්දක් වයස් ව සිටියේ ය. සමිඳාණන් වහන්සේ සිය නාමය තැබීමට සියලු ඉශ්රායෙල් ගෝත්‍රවලින් තෝරාගත් නගරය වූ ජෙරුසලමෙහි ඔහු දහහත් අවුරුද්දක් රජකම් කෙළේ ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වන ඔහුගේ මවගේ නම නාමා ය.


රෙහොබෝවම් මියගිය පසු තමාගේ පිය වූ දාවිත්ගේ නුවර රජ පරපුරේ සුසාන භූමියේ තැන්පත් කරනු ලැබී ය. අම්මොනිය ජාතික ස්ත්‍රියක වූ ඔහුගේ මවගේ නම නාමා ය. ඉන්පසු ඔහුගේ පුත් අබියාම් ඔහු වෙනුවට රජ විය.


“මේ කටයුතු නිම වූ කල, අධිපතීහු මා ළඟට අවුත් කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ ද පූජකයන් හා ලෙවීවරුන් ද විදේශ වැසියන් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද මිසරවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පිළිකුල් ක්‍රියාවලින් වැළකී සිටියේ නැත.


ඔවුන් තමන්ටත්, තම පුත්‍රයන්ටත් මේ විදේශීය කාන්තාවන් සරණ පාවාගෙන ඇත. මෙසේ ශුද්ධ ජාතිය විදේශිකයන් සමඟ මිශ්‍ර වී ඇත. එසේ ය, මේ ද්‍රෝ‍්හිකමට මූලික වූවෝ අධිපතීහු හා නිලධාරීහු ය’යි කීවෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්