Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 රාජාවලිය 1:47 - Sinhala New Revised Version

47 ඇරත්, රාජ නිලධාරීහු අපේ ස්වාමීන් වන දාවිත් රජු හට ආශීර්වාද කරන්නට පැමිණ, ‘දෙවියන් වහන්සේ සලමොන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර, ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යවත් කරන සේක් වා!’යි කීවෝ‍ ය. රජ තෙම ද යහනේ සිට නැමී ආචාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 ඇරත්, රාජ නිලධාරීහු අපේ ස්වාමීන් වන දාවිත් රජු හට ආශීර්වාද කරන්නට පැමිණ, ‘දෙවියන් වහන්සේ සලමොන්ගේ නාමය ඔබේ නාමයට වඩා උසස් කර, ඔහුගේ සිංහාසනය ඔබේ සිංහාසනයට වඩා සෞභාග්‍යවත් කරන සේක් වා!’යි කීවෝ‍ ය. රජ තෙම ද යහනේ සිට නැමී ආචාර කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 ඇරත් රජුගේ සේවකයෝ අපේ ස්වාමිවූ දාවිත් රජුට ආශීර්වාදකරන්ට ඇවිත්–දෙවියන්වහන්සේ සාලමොන්ගේ නාමය ඔබගේ නාමයට වඩා උසස්කර ඔහුගේ සිංහාසනය ඔබගේ සිංහාසනයට වඩා උතුම්කරනසේක්වයි කීවෝය. රජද යහන පිටදී නමස්කාර කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:47
9 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මාගේ ස්වාමීන් වන රජතුමන් සමඟ වැඩසිටින ලෙස ම සලමොන් සමඟත් වැඩසිට ඔහුගේ සිහසුන මාගේ ස්වාමීන් වන දාවිත් රජතුමන්ගේ සිහසුනටත් වඩා උසස් කරන සේක් වා!”යි කීවේ ය.


තවද, ජාකොබ් කතා කොට, “එය ගැන මට දිවුරන්නැ”යි ඉල්ලුවෙන් ජෝසෙප් ද ඔහු ඉදිරියෙහි දිවුළේ ය. එවිට ඉශ්රායෙල් යහනේ ඇන්ද මත ඇළ විය.


සිය මරණ මොහොතේ දී ජාකොබ්, ඇදහිල්ලෙන් ජෝසෙප්ගේ පුතුන්ගෙන් එක් එක්කෙනාට ආශීර්වාද කොට, සිය සැරයටිය මත හිස නමා නමස්කාර කෙළේ ය.


“සමිඳුන් නමින් වඩිනා රජුට ආසිරි වේ වා! ස්වර්ගයෙහි සාමය ද අති උසස් තැන්හි මහිමය ද වේ වා!”යි කී හ.


එසේ කළ යුත්තේ, ඔවුන් ස්වර්ගයේ දෙවියන් වහන්සේට මිහිරි සුවඳ ඔප්පු කර රජුගේ ද ඔහුගේ පුත්‍රයන්ගේ ද ශුභසිද්ධිය උදෙසා යාච්ඤා කරන පිණිස ය.


දාවිත් රජ ගිබියොන්වරුන් කැඳවා ඔවුන්ට කතා කොට, “ඔබ උදෙසා මම කුමක් කරම් ද? ඔබ සමිඳාණන් වහන්සේගේ සෙනඟට ආශීර්වාද කරන පිණිස මා වන්දි ගෙවීමක් වශයෙන් කුමක් කළ යුතු දැ”යි ඔවුන්ගෙන් ඇසී ය.


ඔහුට ආශීර්වාද කරන්නටත් ඔහු වෙත තමාගේ පුත් ජෝරාම් යැව්වේ ය. මන්ද, හදද්-එශෙර් හා තොයි අතරේ යුද්ධ පැවතුණේ ය. ජෝරාම් රන් බඩු ද රිදී බඩු ද ලෝකඩ බඩු ද ගෙනාවේ ය.


තවද, නුඹලා කිවූ පරිදි නුඹේ එළු බැටළු ගව පට්ටි ද රැගෙන යන්න. මට ද ආශීර්වාද කරන්නැ”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්