Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 රාජාවලිය 1:41 - Sinhala New Revised Version

41 එවිට අදොනියා ද ඔහු සමඟ සිටි සියලු අමුත්තන් ද ආහාර අනුභව කොට අවසාන වනවාත් සමඟ ම ඔවුන්ට ඒ ශබ්දය ඇසිණි. ජෝවාබ් හොරණෑ ශබ්දය අසා, “නගරය දෙවනත් කරන මේ ඝෝෂාව කුමක් නිසා දැ”යි පිළිවිසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

41 එවිට අදොනියා ද ඔහු සමඟ සිටි සියලු අමුත්තන් ද ආහාර අනුභව කොට අවසාන වනවාත් සමඟ ම ඔවුන්ට ඒ ශබ්දය ඇසිණි. ජෝවාබ් හොරණෑ ශබ්දය අසා, “නගරය දෙවනත් කරන මේ ඝෝෂාව කුමක් නිසා දැ”යි පිළිවිසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 එවිට ඔවුන් කා තීන්දුවෙන කොටම අදොනියාටද ඔහු සමඟ කෑමට ඇවිත් සිටි සියල්ලන්ටද ඒ ඇසුණේය. යෝවාබ් හොරණෑ ශබ්දය අසා: නුවර කලඹන මේ ඝෝෂාව මොකක් නිසාදැයි ඇසීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 රාජාවලිය 1:41
13 හුවමාරු යොමු  

මුළු සෙනඟ ඔහු පසුපස ගොස් නළා පිඹ, පොළොව පැළෙන තරම් වූ ඔවුන්ගේ ශබ්දයෙන් ඉමහත් ප්‍රීතියකින් ප්‍රීති ප්‍රමෝද වූ හ.


ඔහු කතා කරද්දී ම අබියාතර් පූජකවරයාගේ පුත් ජොනතන් පැමිණියේ ය. එවිට අදොනියා ඔහුට කතා කොට, “ඇතුළට එන්න, ඔබ අවංක මිනිසෙකි, ඔබ සුබ ආරංචි ගෙනෙනු ඇතැ”යි කීවේ ය.


දුෂ්ටයාගේ ජය ඝෝෂාව කෙටි කාලීන බවත්, අභක්තිකයාගේ ප්‍රීතිය එක මොහොතකට පමණක් බවත් ඔබ නොදන්නෙහි ද?


සෙනඟගේ ඝෝෂාව ජෝෂුවාට ඇසුණු විට, ඔහු මෝසෙස් අමතා, “කඳවුරේ යුද්ධ ඝෝෂාවකි”යි කීවේ ය.


සිනාවේ පවා සිත් තැවුලක් විය හැක; ප්‍රීතියේ කෙළවර ශෝකය විය හැක.


එහෙත්, නායක පූජකවරු හා විනයධරයෝ උන් වහන්සේ කළ අරුමපුදුම දේ ද, “දාවිත් රජුගේ පුත්‍රයාණන්ට හෝසන්නා” කියමින් දේව මාලිගාවේ මොරගසන දරුවන් ද දැක කෝප වී,


ඔවුන් ඔහු මරන්නට අදහස් කරගෙන සිටින අතර මුළු ජෙරුසලම කැලඹී ඇතැ යි සේනාධිපතියාට දන්වන ලදී.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්