Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 යොහන් 2:4 - Sinhala New Revised Version

4 “මම උන් වහන්සේ දනිමි”යි කියමින් උන් වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

4 යමකු, “මා උන්වහන්සේ හැඳින ගැනීමට පැමිණ තිබෙනවා ය” කියන නමුත් උන්වහන්සේගේ ආඥා පිළිපදින්නේ නැතිනම් ඔහු බොරුකාරයෙකි; සත්‍යය ද ඔහු තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 “මම උන් වහන්සේ දනිමි”යි කියමින් උන් වහන්සේගේ ආඥා නොපිළිපදින තැනැත්තා බොරුකාරයෙකි; සත්‍යය ඔහු තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 උන්වහන්සේ අඳුනමියි කියා උන්වහන්සේගේ ආඥාවන් නොපවත්වන තැනැත්තේ බොරුකාරයෙක්ය, සැබෑවද ඔහු තුළ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 යොහන් 2:4
13 හුවමාරු යොමු  

එබැවින්, උන් වහන්සේ සමඟ අපි සහභාගිකම පවත්වන්නෙමු යි කියමින් අපි අන්ධකාරයෙහි හැසිරෙමු නම් අප කියන්නේ බොරුවකි. අප පිළිපදින්නේ සත්‍යය නොවේ.


ඔව්හු දෙවියන් වහන්සේ දන්නා බව කියති. එහෙත් ස්වකීය ක්‍රියාවලින් උන් වහන්සේ නාඳුනන බව දක්වති; ඔව්හු පිළිකුල් ව, මුරණ්ඩු ව, යහපත කිරීමට අපොහොසත් ව සිටිති.


අපට පාපයක් නැතැ යි කියමු නම්, අපි අප ම රවටාගනිමු; සත්‍යය ද අප තුළ නැත.


යමෙක් “මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි”යි කියමින්, තම සහෝදරයාට වෛර කරයි නම්, ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය.


ආලෝකයෙහි පවතිමි යි කියමින් සිය සහෝදරයාට වෛර කරන්නා තවමත් අන්ධකාරයෙහි සිටියි.


අපි පව් කර නැතැ යි කියමු නම්, අපි උන් වහන්සේ බොරුකාරයෙකු කරමු: උන් වහන්සේගේ වචනය ද අප තුළ නොපවතියි.


ඔබේ පියා යක්ෂයා ය. එබැවින් ඔබේ කැමැත්ත ඔබේ පියාගේ ආශාවන් ඉටු කිරීම ය. මුල සිට ම ඔහු මිනීමරුවෙකි. සත්‍යය ඔහු තුළ පිහිටා නැති බැවින්, ඔහු සත්‍යයෙහි නොපිහිටියේ ය. ඔහු බොරු කියන කල ඔහුගේ නියම ගතියෙන් ම කතා කරයි. මන්ද, ඔහු බොරුකාරයෙකි. ඔහු බොරුවේ පියා ය.


ඇත්ත වශයෙන් කියතොත්, හිතුවක්කාර, නන් දොඩන, රැවටිලිකාර, බොහෝ දෙනෙක්, විශේෂයෙන් චර්මඡේදිතයන් අතර සිටිති.


අපි උන් වහන්සේගේ ආඥා පිළිපදිමු නම්, එයින් අප උන් වහන්සේ දන්නා බව සහතික වේ.


යමෙක් උන් වහන්සේ තුළ ජීවත් වන්නේ ද ඔහු පව් නොකරයි. පව් කරන කිසිවෙක් උන් වහන්සේ දුටුවේ වත්, උන් වහන්සේ අඳුනන්නේ වත් නැත.


ප්‍රේමවන්තයෙනි, අපි එකිනෙකාට ප්‍රේම කරමු. මන්ද, ප්‍රේමය දෙවියන් වහන්සේගෙන් ය. ප්‍රේම කරන සෑම දෙන ම දෙවියන් වහන්සේගෙන් උපත ලබා සිටින බැවින් උන් වහන්සේ අඳුනති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්