Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 9:14 - Sinhala New Revised Version

14 එසේ ම සුබ අස්න දේශනා කරන්නන්, ඒ සුබ අස්නේ සේවයෙන් තමන්ගේ දිවි පෙවෙත සලසාගත යුතු ය කියා සමිඳාණන් වහන්සේ නියෝග කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 එලෙසම, ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්, ශුභාරංචිය මගින්ම සිය ජීවිකාව සලසා ගත යුතු බව ස්වාමින්වහන්සේම ආඥා කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එසේ ම සුබ අස්න දේශනා කරන්නන්, ඒ සුබ අස්නේ සේවයෙන් තමන්ගේ දිවි පෙවෙත සලසාගත යුතු ය කියා සමිඳාණන් වහන්සේ නියෝග කර ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එසේම ශුභාරංචිය ප්‍රකාශකරන්නන් විසින් ශුභාරංචිය කරණකොටගෙන ජීවිකාව ලබන්ට ස්වාමීන්වහන්සේ නියෝගකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 9:14
13 හුවමාරු යොමු  

ගමන් මල්ලක් වත්, කමිස දෙකක් වත්, වහන් සඟලක් වත්, සැරයටියක් වත් සපයා නොගන්න. මන්ද, සේවකයාට අවශ්‍ය දේ ඔහු ලැබිය යුතු ය.


ඔවුන් දෙන දෙය කමින් බොමින් ඒ ගෙදර ම නැවතී සිටින්න. මන්ද, මෙ‍හෙකරුවා සිය වේතනය ලැබිය යුතු ය; ගෙදරින් ගෙදරට නොයන්න.


ඔබ යම් නුවරකට ඇතුළු වූ කල ඔවුන් ඔබ පිළිගත්තොත්, ඔබ ඉදිරියෙහි තබන දේ වළඳන්න.


දෙගොල්ල ම එක ම කර්මාන්තය කරන්නන් වූ බැවින්, පාවුලු ඔවුන් සමඟ නැවතී වැඩ කෙළේ ය. ඔවුන්ගේ කර්මාන්තය කූඩාරම් සෑදීම ය.


කිතුනු ජීවිතයේ ඔබට දස දහසක් ගුරුවරුන් සිටියත්, පියවරු වැඩි දෙනෙක් නැත. මන්ද, සුබ අස්න දේශනා කිරීමෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඔබගේ පියා වූයේ මම ය.


අපි ඔබ අතර ආධ්‍යාත්මික දේ වපුළෙමු නම්, එහි අස්වැන්න වශයෙන් ලෞකික ලාභයක් නෙළාගැනීම එතරම් ලොකු දෙයක් ද?


අනිත් අයට ඔබ කෙරේ මෙවැනි අයිතියක් ඇත්නම් ඊටත් වඩා ලොකු අයිතියක් අපට නැද් ද? එසේ වුව ද මේ අයිතියෙන් ප්‍රයෝජනයක් නොගෙන ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්නට කිසිදු බාධාවක් නොවන සේ අපි සියල්ල දරාගනිමු.


මා සුබ අස්න දේශනා කරන නමුත් එය පාරට්ටු කරගැනීමට කාරණයක් නොවේ. මන්ද, සුබ අස්න දේශනා කිරීමට මම බැඳී සිටිමි. සුබ අස්න දේශනා නොකළොත් මම මහා කාලකණ්ණියෙක් වෙමි.


කන්නත් බොන්නත් අපට අවසර නැද් ද?


තවද, ක්‍රිස්තුන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීමට මා ත්‍රෝවසට පැමිණි කල සමිඳාණන් වහන්සේගේ සේවයට දොරක් විවෘත වී තිබුණි.


ධර්ම වාක්‍ය ඉගෙනගන්නා, උගන්වන්නාට තමා සතු සියලු යහපත් දෙයින් සංග්‍රහ කෙරේ වා.


මන්ද, අප සුබ අස්න ඔබ වෙත ගෙනාවේ වචන මාත්‍රයෙන් පමණක් නොව, ශුද්ධාත්ම බලය හා සහතික විශ්වාසය ඇතිව ය. ඔබගේ යහපත උදෙසා අපි ඔබ අතර කෙසේ ජීවත් වීමු දැ යි ඔබ දන්නහු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්