Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 6:15 - Sinhala New Revised Version

15 ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහු ද? එසේ නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැර ගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 ඔබගේ සිරුරු ක්‍රිස්තුස්වහන්සේගේ අවයව බව දන්නේ නැති ද? එසේ නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයව ගෙන, වෙසඟනකගේ අවයව කරම් ද? කොහෙත්ම නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 ඔබගේ ශරීර ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් බව නොදන්නහු ද? එසේ නම් මම ක්‍රිස්තුන් වහන්සේගේ අවයවයන් පැහැර ගෙන ඒවා ගණිකාවකගේ අවයවයන් කරම් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නුඹලාගේ ශරීර ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් බව දන්නේ නැද්ද? එසේවී නම් මම ක්‍රිස්තුස්වහන්සේගේ අවයවයන් පැහැරගෙන වේශ්‍යාවියෙකුගේ අවයවයන් කරම්ද? එසේ නොවේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 6:15
25 හුවමාරු යොමු  

අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු.


එසේ ම බොහෝ දෙනෙක් වූ අපිත් ක්‍රිස්තුන් වහන්සේ හා සම්බන්ධ ව එක ශරීරයක් වී, එහි වෙන් වෙන් වශයෙන් අන්‍යොන්‍ය අවයවයෝ වම්හ.


ඔව්හු සභාවේ හිස වන ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ නොවෙති. එහෙත් ඇට කටු හා නහරවලින් ශරීරය ඒකාබද්ධ කොට, පෝෂණය කර, දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව එය වර්ධනය වන්නට සලසන්නේ ඒ හිස ය.


එහෙයින් ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ ශරීරය ද වෙන් වෙන් වශයෙන් එහි අවයවයෝ ද වන්නහු ය.


එසේ කළේ දෙවියන් වහන්සේගේ සෙනඟ දේව සේවය සඳහා සම්පූර්ණයෙන් පුහුණු කිරීමටත්, ක්‍රිස්තු ශරීරය වර්ධනය කිරීමටත් ය.


ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බව ද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බව ද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බව ද මම ඔබට දන්වනු කැමැත්තෙමි.


ඔබගේ ශරීරය, ඔබට දෙවියන් වහන්සේ දෙවා වදාළ, ඔබ තුළ වැඩ වසන ශුද්ධාත්මයාණන්ගේ මන්දිරය වන බව ඔබ නොදන්නහු ද? ඔබ ඔබට ම අයිති නැත.


මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක.


ඔහු අවුත් ඒ ගොවීන් වනසා, මිදි වත්ත අන්‍යයන්ට දෙනු ඇතැ”යි වදාළ සේක.


එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.


එසේ නම් ව්‍යවස්ථාව දෙවියන් වහන්සේගේ පොරොන්දුවලට විරුද්ධ ද? කොහෙත් ම නැත, මන්ද, ජීවනය දිය හැකි ව්‍යවස්ථාවක් දෙන ලද්දේ නම්, ඒ මඟින් දමිටු බවට පත් කරනු ලැබීමට පුළුවන්කම තිබිණි.


ක්‍රිස්තුන් වහන්සේ මඟින් දමිටුකම සොයන අපි විජාතීන් මෙන් පව් කරන්නන් හැටියට ගණන්ගැනෙමු නම්, ක්‍රිස්තුන් වහන්සේ පාපයට අනුබල දෙන සේකැ යි කිව හැකි ද? කොහෙත් ම නැත.


“ආහාර උදරය සඳහා ය, උදරය ආහාර සඳහා ය”යි කීවත් දෙවියන් වහන්සේ ඒ දෙක ම නැති කරන සේක. තවද ශරීරය අනාචාරය පිණිස නොවේ. එය සමිඳාණන් වහන්සේ උදෙසා ය.


එසේ නම් යහපත පිණිස පැන වූ ව්‍යවස්ථාව ම මට මරණය පැමිණ වී ද? කොහෙත් ම නැත; මා මරණයට පත් කෙළේ පාපය ය. මෙයින් පාපයේ පාපී ගතිය හෙළි විය. එය, යහපත් දෙයක් උපයෝගී කොටගෙන මා මරණයට පත් කෙළේ ය. මෙසේ ආඥාව මඟින් පාපය වඩාත් පාපිෂ්ඨ විය.


එසේ නම් ව්‍යවස්ථාවත් පාපයත් එක ම යයි නිගමනය කළ හැකි ද? කොහෙත් ම නැත; එහෙත් ව්‍යවස්ථාව නොතිබෙන්නට, පාපය කුමක් දැ යි දැනුමක් මට ඇති විය නොහැක. “තණ්හා නොකරන්නැ”යි ව්‍යවස්ථාවෙහි නොකියන්නට, තණ්හාව කුමක් දැ යි දැනුමක් මට නැත.


එසේ නම් කුමක් කරමු ද? නීතිය යටතෙහි නොව, දේව වරප්‍රසාදය යටතෙහි සිටින බැවින් අපි පව් කරමු ද? කොහෙත්ම නැත.


නැත, කොහෙත් ම නැත; පාපයෙන් විමුක්තිය ලැබූ අප එහි තවදුරටත් ජීවත් වන්නේ කෙසේ ද?


එසේ නම් ඇදහිල්ල අවධාරණය කිරීමෙන් අපි ව්‍යවස්ථාව අවලංගු කරමු ද? කොහෙත් ම නැත. අපි ව්‍යවස්ථාව වඩාත් තහවුරු කරමු.


ජෝසෙප් එවිට උත්තර දෙමින්, “එසේ නො වේ වා! මම එවැන්නක් නොකරමි. එහෙත්, යමෙකු ළඟ තිබී කුසලාන සම්බ වූයේ ද ඔහු පමණක් මාගේ වහලා වන්නේ ය. නුඹලා සැම දෙන නැඟිට නුඹලාගේ පියා වෙත සාමදානයෙන් යන්නැ”යි කී ය.


කිසි සේත් ම කිව නොහැකි ය. දෙවියන් වහන්සේ අසාධාරණ නම්, උන් වහන්සේ ලෝකය විනිශ්චය කරන්නේ කෙසේ ද?


අප, දේව දූතයන් පවා විනිශ්චය කරන්නට යන බව ඔබ නොදන්නහු ද? එසේ නම් එදිනෙදා ජීවිතයට අයත් දේ විනිශ්චය කිරීම අපට කළ නොහැකි ද?


එහෙත් ස්වාමීන් වහන්සේට සම්බන්ධ වන තැනැත්තේ උන් වහන්සේ සමඟ ඒකාත්මයක් වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්