Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 15:18 - Sinhala New Revised Version

18 එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 එසේ නම්, ක්‍රිස්තුස්වහන්සේ තුළ සැතපුණු අය ද විනාශ වූවෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එපමණක් නොව, ක්‍රිස්තුන් වහන්සේ අදහාගෙන මියගිය අය ද සදහට ම විනාශ වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එපමණක් නොව, ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි සැතපුණු අයද විනාශවුණෝ වෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 15:18
6 හුවමාරු යොමු  

එවිට: “මෙතැන් පටන් සමිඳාණන් වහන්සේ තුළ නසින්නෝ භාග්‍යවන්තයෝ ය කියා ලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේ ය. “එසේ ය, ඔව්හු තමන්ගේ වෙහෙසීම්වලින් නිවාඩු ලබති: ඔවුන්ගේ ක්‍රියා ඔවුන් කැටුව යන්නේ ය”යි ආත්මයාණන් වහන්සේ වදාරන සේක.


මන්ද, සමිඳාණන් වහන්සේ ම අණ දීමේ ශබ්දය ද, අග්‍ර දේව දූතයෙකුගේ හඬ ද, දෙවියන් වහන්සේගේ හොරණෑ නාදය ද ඇතිව ස්වර්ගයෙන් බැස වදාරන සේක. ක්‍රිස්තුන් වහන්සේ අදහමින් උන් වහන්සේ තුළ සැතපුණු අය පළමුකොට නැඟිටින්නෝ ය.


ඉන්පසු උන් වහන්සේ පන් සියයකට වැඩි සහෝදර සමූහයකට එක විට ම දර්ශනය වූ සේක. මොවුන්ගෙන් සමහරුන් මියගිය ද, වැඩි දෙනා තවමත් ජීවත් ව සිටිති.


ඔහු දණින් වැටී, “සමිඳාණන් වහන්ස, මේ පාපය ඔවුන් පිට නොතැබුව මැනවැ”යි මහත් හඬින් මොරගසා කී ය. මෙසේ කියා ඔහු සැතපුණේ ය.


අප දැන් ඔබට කියන්නේ සමිඳාණන් වහන්සේ ම වදාළ කරුණකි. එනම්: සමිඳාණන් වහන්සේගේ ආගමනයේ දී ජීවත් ව සිටින අපට, උන් වහන්සේ තුළ සැතපුණු අයට නොමැති විශේෂ වාසියක් නැති බව ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්