Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 14:31 - Sinhala New Revised Version

31 සියල්ලන්ගේ ඉගෙනීම පිණිසත්, සියල්ලන්ගේ ධෛර්යය පිණිසත්, ඔබ සැමට ම, පිළිවෙළින් දිවැසි වැකි දෙසීමේ අවස්ථාව සැලසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

31 මෙසේ හැම දෙනාම ඉගෙන ගන්නා පිණිසත්, දිරි ගන්වන පිණිසත්, දිවැස් වැකි පැවසීමට ඔබ සැමට පුළුවන.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 සියල්ලන්ගේ ඉගෙනීම පිණිසත්, සියල්ලන්ගේ ධෛර්යය පිණිසත්, ඔබ සැමට ම, පිළිවෙළින් දිවැසි වැකි දෙසීමේ අවස්ථාව සැලසෙනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 මක්නිසාද සියල්ලන් ඉගෙනගන්නා පිණිසත්, සියල්ලන් ධෛර්යවෙන පිණිසත්, සියල්ලන්ට එක්කෙනෙකු බැගින් ධර්මවාක්‍ය කියන්ට පුළුවන;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 14:31
17 හුවමාරු යොමු  

හිතෝපදේශ හා උපහැරණ ද


බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.


ඉන් මා අදහස් කරන්නේ, මාගේ ඇදහිල්ල නිසා ඔබ ද ඔබේ ඇදහිල්ල නිසා මා ද ශක්තිසම්පන්න වීම ය.


එහෙත් සභාවේ දී අන් භාෂාවකින් වචන දහසක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි.


එහෙත් දිවැස් වැකි දෙසන්නා, අභිවෘද්ධිය ද ධෛර්යය හා සැනසීම ද දෙන වචන මිනිසුන්ට කතා කරයි.


එහෙත් එහි වාඩි වී සිටින යමෙකුට එළිදරව්වක් පහළ වූවොත් කතා කරමින් සිටින තැනැත්තා නිශ්ශබ්ද ව සිටිය යුතු ය.


දිවැස් වැකි දෙසන අයගේ ආධ්‍යාත්මික කුශලතා ඔවුන්ගේ ම පාලනයෙහි තිබිය යුතු ය.


ඔව්හු යමක් දැනගන්නට කැමැති නම් ගෙදර දී ස්වකීය ස්වාමි පුරුෂයන්ගෙන් අසා දැනගනිත් වා. මන්ද, සභා රැස්වීමක දී කතා කිරීම ස්ත්‍රියකට නොහොබී.


උන් වහන්සේ අපගේ සෑම පීඩාවල දී අප සනසන සේක. එසේ කරන්නේ දෙවියන් වහන්සේගෙන් අප ලබන සැනසීම කරණකොටගෙන සියලු ආකාර පීඩා විඳින්නන් සනසන්නට අපටත් හැකි වනු පිණිස ය.


මා ඔහු ඔබ වෙතට එවන්නේ මේ සඳහා ම ය; අප ගැන ආරංචි ඔබට දෙන පිණිසත්, ඔබ ධෛර්යවත් කරන පිණිසත් ය.


මා එසේ කරන්නේ ඔවුන්ගේ සිත් ධෛර්යවත් වන පිණිසත්, ඔවුන් ප්‍රේමයෙන් එකට බැඳී සිටින පිණිසත්, අවබෝධයෙන් ඇති වන සම්පූර්ණ සහතිකකමේ සම්පත උරුම කරගෙන, දෙවියන් වහන්සේගේ රහස තේරුම්ගන්නා පිණිසත් ය. ඒ රහස ක්‍රිස්තුන් වහන්සේ ම ය.


එහෙයින් මේ වචනවලින් එකිනෙකා සනසන්න.


එබැවින් ඔබ දැනට ම කරන්නාක් මෙන්, එකිනෙකාට ධෛර්ය දෙන්න, එකිනෙකා ශක්තිමත් කරන්න.


සහෝදරවරුනි, අලසයන්ට අවවාද දෙන්න; බියසුල්ලන් දිරිගන්වන්න; දුබලයන්ට සහයවන්න. මේ සියල්ලන් ගැන ඉවසිලිවන්ත ව සිටින මෙන් අපි ඔබගෙන් උදක් ම ඉල්ලමු.


දිවැස් වැකි සුළු කොට නොතකන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්