Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 14:18 - Sinhala New Revised Version

18 ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ඔබ හැමට වඩා මා අන්‍ය භාෂා කතා කරන බැවින් මම දෙවියන්වහන්සේට ස්තුති කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 නුඹලා සියල්ලන්ට වඩා මා අන් භාෂාවලින් කථාකරන බැවින් දෙවියන්වහන්සේට ස්තුතිකරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 14:18
7 හුවමාරු යොමු  

ඔබගේ තුති පිදීම ඉස්තරම් විය හැකි ය. එහෙත් එයින් අනික් අයට වන යහපතක් නැත.


එහෙත් සභාවේ දී අන් භාෂාවකින් වචන දහසක් කථනය කරනවාට වඩා අන්‍යයන්ට උගන්වන පිණිස මාගේ සිහිකල්පනාවෙන් වචන පහක් කතා කරන්නට කැමැත්තෙමි.


අන් භාෂා කථනය කරන්නා මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කතා කරයි. ඔහු ආත්මයාණන් කරණකොටගෙන අබිරහස් කතා කරන බැවින් කිසිවෙකුට ඔහු තේරුම්ගත නොහැක.


අන් භාෂා කථනය කරන්නා තමාගේ ම අභිවෘද්ධිය සලසාගනියි. එහෙත් දිවැස් වැකි දෙසන්නා සභාවේ අභිවෘද්ධිය සලසන්නේ ය.


ඔබ හැම දෙන ම අන් භාෂා කථනය කරනවාට මම කැමැත්තෙමි. එහෙත් ඔබ දිවැස් වැකි දෙසන්නේ නම් ඊටත් වඩා කැමැත්තෙමි. අන් භාෂා කථනය කරන්නා, සභාවේ අභිවෘද්ධිය සඳහා කියන දෙය විසඳා නොදේ නම් ඔහුට වඩා දිවැසි වැකි දෙසන්නා උතුම් ය.


ඔබට එතරම් ප්‍රමුඛත්වයක් දුන්නේ කවරෙක් ද? දෙවියන් වහන්සේ දුන් දේ හැර අන් කිසිවක් ඇද් ද? ඉතින්, එය දෙන ලද දෙයක් නම් ඔබ සතු දෙයක් සේ ම සලකා පාරට්ටු කරගන්නේ මන් ද?


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්