Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




1 කොරින්ති 11:10 - Sinhala New Revised Version

10 එබැවින් දේව දූතයන් නිසා, ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිස ලා ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 දේව දූතයින් නිසා ස්ත්‍රිය ආධිපත්‍යයේ සලකුණක් තම හිසේ දරා සිටිය යුත්තේ එබැවිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 එබැවින් දේව දූතයන් නිසා, ස්ත්‍රිය ආධිපත්‍යයේ ලකුණක් හිස ලා ගත යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 එහෙයින් දේවදූතයන් නිසා බලයට යටත්වීමේ ලකුණක් හිසේ ඇතුව සිටින්ට ස්ත්‍රීට යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 11:10
7 හුවමාරු යොමු  

එසේ නම් දේව දූතයෝ කවරහු ද? ඔව්හු සියල්ලෝ ම ගැළවීමේ උරුමය ලබන්නට සිටින්නවුන් උදෙසා සේවය පිණිස එවන ලද ආත්මයෝ ය.


“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.


තවද, රජ තෙම සාරාට කතා කොට, “මෙන්න, මම ඔබේ සහෝදරයාට රිදී මිල දහසක් දුනිමි. එය ඔබ සමඟ සිටින සියල්ලන් ඉදිරියෙහි ඔබේ නිදොස් බව ඔප්පු කිරීමට සාක්ෂියක් වේ වා. ඔබ වැරැද්දක් නොකළ බව සියලු දෙන ම දැනගන්නෝ ය”යි කී ය.


ඔබේ වචනවලින් පව් කිරීමට ඉඩ නොතබන්න. ‘මා අදහස් නොකළ දෙයකැ’යි පූජකයාට නොකියන්න. දෙවියන් වහන්සේ ඔබ කෙරේ උදහස් වී ඔබේ ව්‍යාපාර නාස්ති කරදමන්න උන් වහන්සේට ඉඩ තබන්නේ මන් ද?


පුරුෂයා මවන ලද්දේ ස්ත්‍රිය උදෙසා නොවේ. ස්ත්‍රිය මවන ලද්දේ පුරුෂයා උදෙසා ය.


ඒ කෙසේ වෙතත් කිතුනු ජීවිතයෙහි, ස්ත්‍රියට පුරුෂයා ද පුරුෂයාට ස්ත්‍රිය ද අවශ්‍ය ම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්