Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 කොරින්ති 1:14 - Sinhala New Revised Version

14 ක්‍රිස්පස් හා ගායස් හැර වෙන කිසිවෙකු මා විසින් බව්තීස්ම-ස්නාපනය කරනු නොලැබීම ගැන මම සතුටු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 ක්‍රිස්පස් හා ගායස් හැර, ඔබ කිසිවකුත් මා බව්තීස්ම කර නැති නිසා, දෙවියන්වහන්සේට ස්තුති කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ක්‍රිස්පස් හා ගායස් හැර වෙන කිසිවෙකු මා විසින් බව්තීස්ම-ස්නාපනය කරනු නොලැබීම ගැන මම සතුටු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මාගේ නාමයට නුඹලා බව්තීස්ම කරනලදැයි කියන්ට කිසිවෙකුට පුළුවන් නොවන ලෙස ක්‍රිස්පස්ද ගායස්ද ඇර

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 කොරින්ති 1:14
14 හුවමාරු යොමු  

ඔහු ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්නට අණ කෙළේ ය. එවිට ඔව්හු, කීප දවසක් තමන් සමඟ නැවතී සිටින ලෙස ඔහුගෙන් ඉල්ලූ හ.


ධර්මශාලා මුළාදෑනියා වූ ක්‍රිස්පස් තමාගේ ගෙයි වැසි සියල්ලන් සමඟ සමිඳාණන් වහන්සේ අදහා ගත්තේ ය. කොරින්තිවරුන්ගෙන් බොහෝ දෙනෙක් ද පාවුලුගේ බස් අසා අදහා ගෙන බව්තීස්ම-ස්නාපනය ලැබූ හ.


මට ද මුළු සභාවට ද ආගන්තුක සත්කාරය කරන ගායස් ඔබ වෙත ඔහුගේ ආචාරය එවයි. නගර භාණ්ඩාගාරික තැන්පත් එරස්තස් ද සහෝදර ක්වර්තස් ද ඔබ වෙත ඔවුන්ගේ ආචාර එවති.


එබැවින් මාගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලැබුවේ යයි ඔබ අතරෙන් කිසිවෙකුට කිව නොහැක.


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළින් ඔබට දෙන ලද දේව වරප්‍රසාදය නිසා මම නිතර ම ඔබ ගැන මාගේ දෙවියන් වහන්සේට තුති පුදමි.


ඔබ සියල්ලන්ට වඩා මා අන් භාෂා කථනය කරන බැවින්, මම දෙවියන් වහන්සේට ස්තුති කරමි.


තවද, කිතුනුවන් වූ අප නිතර ම ජය පෙරහරින් ගෙන යන, තමන් වහන්සේ පිළිබඳ දැනගැන්ම නමැති සුගන්ධය අප ලවා හැම තැන ම පතුරුවන, දෙවියන් වහන්සේට ස්තුති වේ වා!


අපගේ සමිඳාණන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන්, දෙවි පියාණන් වහන්සේට සෑම විට ම සෑම දේ ගැන ම, ස්තුති කරන්න.


ක්‍රිස්තුන් වහන්සේගේ සාමය ඔබේ සිත් තුළ රජකම් කෙරේ වා! එක ම ශරීරයේ කොටස් වශයෙන් ඔබ කැඳවන ලද්දේ මේ සඳහා ය. කෘතඥතාව ද දක්වන්න.


තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.


සියල්ලෙහි දී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ මෙය වේ.


මා ශක්තිමත් කළා වූ ද, උන් වහන්සේගේ සේවය සඳහා පත් කිරීමට තරම් මා ඇදහිලිවන්ත යයි සැලකුවා වූ ද, අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේට මම ස්තුති කරමි.


මාගේ යාච්ඤාවල දී ඔබ සිහි කරමින් මම මාගේ දෙවියන් වහන්සේට ස්තුති කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්