Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 7:6 - Sinhala New Revised Version 2018

6 ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන් උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 ඔවුන්ගේ සිත් කුමන්ත්‍රණ චේතනාවෙන්‍ උදුනක් මෙන් දැවෙන්නේ ය. ඔවුන්ගේ ක්‍රෝධය රෑ මුළුල්ලේ දුම් නඟිමින් ඇවිළී උදෑසන පුපුර පුපුරා ගිනි ගනියි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 මක්නිසාද ඔව්හු උදුනක් සමාන සිත් ඇතුව තමුන්ගේ ප්‍රයෝගය ඉෂ්ටකිරීමට ආවෝය. ඔවුන්ගේ රොටි-සාදන්නා මුළු රාත්‍රියෙහි නිදන්නේය; උදය ගිනිදැලක් මෙන් ඇවිළෙන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 7:6
8 හුවමාරු යොමු  

සිය යහන්වල වැතිර, නපුරු උපා හිතන මතන අයට වන විපතක මහත! පහන් වූ විට ඔවුන්ගේ අතේ බලය නිසා ඔව්හු ඒවා කරති.


“ඔව්හු ගිනි උදුනක් මෙන් කෝපයෙන් දැවී තමන්ගේ අධිපතීන් මරාදැමූ හ. රජෙකු පාසා රජෙකු බැගින් මරනු ලැබූ නමුත්, ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් අයැදුම් නොකෙළේ ය.”


ඔව්හු සියල්ලෝ ම කාමමිථ්‍යාචාරය කරන්නෝ ය. ඔව්හු වනාහි පාන් පුළුස්සන්නා රත් කළ, ඇනූ පිටි පිපෙන තුරු ගිනියම් වෙමින් පවතින ගිනි උදුනට සමාන ය.


නපුරක් නොකළොත්, දුදනන්ට නින්දක් නැත; යමෙකු පාගා නොදැමුවොත්, ඔවුන්ට නින්දක් නැත.


ඔබේ කෝපය ඔවුන්ට බුර බුරා නඟින ගිනි උදුනක් වනු ඇත, හිමිතුමාණෝ සිය උදහසින් ඔවුන් වනසාලන සේක. ගින්නකින් මෙන් ඔවුන් දවා ලන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්