Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




හොෂෙයා 6:10 - Sinhala New Revised Version 2018

10 භයංකර දෙයක් ඉශ්රායෙල් සෙනඟ අතරේ මට දකින්නට ලැබී ඇත. එප්‍රායිම් සෙනඟ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂ්‍ය වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 භයංකර දෙයක් ඉශ්රායෙල් සෙනඟ අතරේ මට දකින්නට ලැබී ඇත. එප්‍රායිම් සෙනඟ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂ්‍ය වී ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඉශ්‍රායෙල් වංශය අතරෙහි භයංකර දෙයක් මා විසින් දැක තිබේ. එහි එප්‍රායිම්ගේ වේශ්‍යාකම ඇත්තේය, ඉශ්‍රායෙල් අපවිත්‍රවී සිටින්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 6:10
14 හුවමාරු යොමු  

එහෙත්, ප්‍රජා මූලිකයන් ඔහුට දුන් දැනුමැතිකම ඔහු අත්හැර, තමා සමඟ වැඩුණු තමන්ට උපදේශ දුන් තරුණයන් සමඟ මන්ත්‍රණය කරමින්,


එසේ වුණේ, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ උදහස් කරන ලෙස, ජෙරොබෝවම් විසින් කළා වූ ද, ඔහු ඉශ්රායෙල්වරුන්ට කරන්න සැලැස්සුවා වූ ද පව් නිසා, සමිඳාණන් වහන්සේ ස්වකීය දාසයා වූ ෂිලෝහි අහියා ලවා කියෙවූ උන් වහන්සේගේ පණිවුඩය හැටියට ය.


එසේ වූයේ, ඉශ්රායෙල් ජනයා පාරාවෝ රජුගේ බලයෙන් නිදහස් කොට මිසර දේශයෙන් ගෙනා තමන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කරමින් වෙන දෙවිවරුන්ට බිය ව,


“එබැවින් ස්වාමීන් වන මම මෙසේ වදාරමි. ‘මෙවැන්නක් මීට පෙර සිදු වුණ බව අසා ඇද්දැ’යි සියලු විජාතීන්ගෙන් අසන්න. ඉශ්රායෙල් සෙනඟ භයානක දේ කර ඇත.


ජෙරුසලමේ දිවැසිවරුන් අතරේ ඉතා භයානක දේ මා දැක ඇත. ඔව්හු කාමමිථ්‍යාචාරය කරති; බොරු කියති; නපුර කිරීමෙන් වැළකෙන්නට බැරි පමණට වැරදි කරන්නට සෙනඟ පොළඹවති. ඔවුන් සියල්ලන් ම මට පෙනෙන්නේ සොදොම් හා ගොමොරා වැසියන් මෙනි.


ජොෂියා රජු දවස සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “අර ඉශ්රායෙල් අඟන, මට ද්‍රෝහි ව කළ දේ නුඹ දුටුවෙහි ද? ඈ උස් වූ සියලු කඳු උඩටත්, සියලු අතුපතර ඇති ගස් යටටත් ගොස් එහි දී වේශ්‍යාකම් කළා ය.


ඔහොලා මට අයිති ව සිටිය දී වේශ්‍යාකම් කළා ය. ඇගේ පෙම්වතුන් වන අසිරියන්වරුන්ට ඈ ආලය කළා ය.


ඔහොලා අසිරියාවේ උත්තමයන් වූ ඔවුන් සියල්ලන් සමඟ වේශ්‍යාකම් කළා ය. ඈ ආලය කළ සියල්ලන්ගේ සියලු දේව රූපවලින් ද ඈ අපවිත්‍ර වූවා ය.


“කාමසේවනය, සුරා පානය සහ මිදියුස සිහිය විකල් කරයි.


මාගේ සෙනඟ ලී කැබැල්ලකින් ගුරුකම් සොයති; සැරයටියක් පිළිතුරු දෙයි. ඔව්හු දෙවියන් වහන්සේ ප්‍රතික්ෂේප කොට, වේශ්‍යාකමට වැටුණ ස්ත්‍රියක මෙන් අන් දෙවිවරුන් වැළඳගෙන සිටිති.


එප්‍රායිම් ජනයා දේව රූපවලට වසඟ වී සිටිති. ඔවුන් එසේ සිටියාවේ.


එප්‍රායිම්ගේ හැටි මම හොඳින් දනිමි. මාගෙන් සැඟවෙන්නට ඉශ්රායෙල්වරුන්ට බැරි ය. එම්බා එප්‍රායිම්, ඔබ වේශ්‍යාකම් කර ඇත. ඉශ්රායෙල් දූෂණය වී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්