Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 5:7 - Sinhala New Revised Version 2018

7 ඔව්හු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. අවජාතක දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. එබැවින් විනාශකයා ඔවුන්ගේ වතුපිටි සමඟ ඔවුන් විනාශ කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

7 ඔව්හු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහ. අවජාතක දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. එබැවින් විනාශකයා ඔවුන්ගේ වතුපිටි සමඟ ඔවුන් විනාශ කරන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔව්හු ස්වාමීන්වහන්සේට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය; මක්නිසාද අවජාත දරුවෝ ඔවුන්ට ඉපදී සිටිති. ඉතින් මාසයකින් ඔවුන්ද ඔවුන්ගේ කොටස්ද නාස්තිවෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 5:7
15 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් සෙනඟ සමඟ අද්මා නම් ස්ථානයේ දී මා කළ ගිවිසුම ඔව්හු කඩ කළෝ ය. ඔව්හු මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළෝ ය.


එහෙත්, ඉශ්රායෙල් වංශය, භාර්යාවක ඇගේ පුරුෂයාට ද්‍රෝහිකම් කර වෙන් වී යන ලෙස නුඹලා මට විරුද්ධ ව ද්‍රෝහිකම් කළහු ය. සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.


මේ ගැන කිසිවක් නුඹ ඇසුවේ වත්, ඒ ගැන දැනගත්තේ වත්, ඒ ගැන කිසිදු වචනයක් නුඹේ කනේ වැකුණේ වත් නැත්තේ, නුඹ විශ්වාස කළ නොහැකි බවත්, උපන් දා සිට නුඹ ද්‍රෝහියෙකු ව සිටි බවත් මා දැන සිටි නිසා ය.


මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.


ඇගේ හැම විනෝදයක් ද මංගල්‍යයන් හා අමාවක් උත්සවයන් ද සබත් දිනයන් හා නියමිත රැස්වීම් ද මම තහනම් කරන්නෙමි.


ඇගේ දරුවන්ට ද මම අනුකම්පා නොකරමි. ඔව්හු වේශ්‍යාකමේ දරුපල වෙති.


එබැවින් ‘මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ’යි ඔවුන්ට කියන්න. ‘මාගේ කිසි වචනයක් තවත් ප්‍රමාද නොවේ; මා කී දේ කීවා ම ය; එය ඉටු වන්නේ ම යැ’යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක.”


ඉශ්රායෙල් වංශය හා ජුදා වංශය මට විරුද්ධ ව බොහෝ සේ ද්‍රෝහිකම් කර ඇත. මෙසේ වදාරන්නේ සමිඳාණන් වහන්සේ වන මම ය.”


අපි ඔබට විරුද්ධ ව කැරලි ගසා, ඔබ ප්‍රතික්ෂේප කර අපේ දෙවිඳුන්ගේ මාර්ගයෙන් හැරී ගියෙමු. අපි අනුන්ට පීඩා කර ඔබට විරුද්ධ ව කැරලි ගැසීමු. අපේ සිතුවිලි වංක ය; අපේ වචන බොරු ය.


විදේශීන්ගේ අතින් මා බේරා මුදාගත මැනව. ඔවුන්ගේ මුවින් නික්මෙන්නේ බොරු ය; ඔවුන් දිවුරුම් දී ඇතත් කියන්නේ බොරු ම ය.


සගලොවින් ඔබේ හස්තය දිගු කළ මැනව. මහා ජල ගැල්මෙන් ද විදේශීන්ගේ අතින් ද මා බේරා මුදාගත මැනව.


නුඹලාගේ අමාවක් උත්සව හා වන්දනා ගමන් මාගේ හද පත්ලෙන් මම හෙළා දකිමි. තවත් උසුලන්න බැරි තරමට ඒවා මට මහා බරකි.


“ඔවුන් මාගෙන් පලා ගිය නිසා, ඔවුන්ට වන විපතක මහත! ඔවුන් මට විරුද්ධ ව කැරලිගැසූ නිසා ඔවුන්ට වන විනාශයක මහත! මම ඔවුන් මුදාගන්න කැමැති වීමි; එහෙත්, ඔව්හු මට විරුද්ධ ව බොරු කී හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්