Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හොෂෙයා 1:4 - Sinhala New Revised Version 2018

4 සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඔහුට ‘දෙවියන් වහන්සේ වපුරන සේක’ යන අර්ථය ඇති ‘ ජෙශ්‍රෙයෙල්’ යන නම තබන්න. මන්ද, නොබෝ කලකින් ජෙශ්‍රෙයෙල්හි කරන ලද ලේ වැගිරීම්වලට ජේහුගේ වංශයට දඬුවම් කොට, මම ඉශ්රායෙල් වංශයේ රාජ්‍යය නැති කරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ස්වාමීන්වහන්සේද: ඔහුට යෙස්‍රෙයෙල් යන නම තබන්න; මක්නිසාද තව ස්වල්ප කාලයකින් යෙස්‍රෙයෙල්හි ලේ ගැන යේහුගේ වංශයට දඬුවම්කොට, ඉශ්‍රායෙල් වංශයේ රාජ්‍යය නැතිකරන්නෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හොෂෙයා 1:4
32 හුවමාරු යොමු  

“ඔහුට ‘මාගේ සෙනඟ නොවේ’ යන අර්ථය ඇති ‘ලෝ-අම්මී’ යන නම තබන්න. මන්ද, නුඹලා මාගේ සෙනඟ නොවන්නහු ය. මමත් නුඹලාගේ දෙවියන් වහන්සේ නොවෙමි”යි සමිඳාණන් වහන්සේ වදාළ සේක.


යළිත් ගොමෙර් ගැබ්ගෙන දුවක ලැබුවා ය. සමිඳාණන් වහන්සේ හොසියාට කතා කොට, “ඈට ‘අනුකම්පා නොලද්දී’ යන අර්ථය ඇති ‘ලෝ-රුහාමා’ යන නම තබන්න. මන්ද, මා නැවත කිසි කලෙක ඉශ්රායෙල් වංශයට කරුණාව දක්වන්නේ වත්, කමා කරන්නේ වත් නැත.


නුඹේ සහෝදරීගේ මාර්ගයෙහි නුඹ ගිය බැවින් ඇගේ දඬුවම් නමැති කුසලාන නුඹේ අතට දෙමි.


මොවුහු ඇය නග්නකර, ඇගේ දූ පුතුන් රැගෙන ගොස් ඈ කඩුවෙන් මැරූ හ. ඇය ලත් නිසි විනිශ්චය ගැන සෑම තැන ම ස්ත්‍රීහු ඕපාදූප කී හ.


මාගේ සෙනඟ පෝෂණය කළ යුතු මේ එඬේරුන් ගැන ඉශ්රායෙල්වරුන්ගේ දෙවි ස්වාමීන් වහන්සේ වදාරන දේට සවන් දෙන්න, ‘නුඹලා මාගේ බැටළුවන් රැක බලා නොගෙන, ඔවුන් විසුරුවා පන්නාදැමුවහු ය. දැන් මම නුඹලාගේ නපුරු ක්‍රියා නිසා නුඹලාට දඬුවම් කරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ඉශ්රායෙලය මට පක්ෂපාතකම අත්හැර වේශ්‍යාවක වූ බැවින් මා ඈ දික්කසාද කර පලවා හැරිය බව ජුදා අඟන දුටුවා ය. එහෙත්, ඉශ්රායෙල්ගේ ද්‍රෝහිකාර සොහොයුරිය වන ජුදා බිය නොවී ගොස් වේශ්‍යාකම් කළා ය.


අපට ළදරුවෙක් උපන්නේ ය; අපට පුත්‍රයෙක් දෙන ලද්දේ ය; එතුමාණෝ අපේ රජු වන සේක. ‘එතුමාණෝ, අසිරිමත් උපදේශකයාණෝ ය; ප්‍රතාපවත් දෙව් තුමාණෝ ය; සදාතන පියාණෝ ය; සාමයේ කුමාරයාණෝ ය’යි කියනු ලබන සේක.


සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.


ඉශ්රායෙල් රජු වන පෙකාගේ කාලයේ දී අසිරියාවේ රජු වන තිග්ලත්-පිලෙසෙර් අවුත් ඊයොන් ද ආබෙල්-බෙත්-මයකා ද ජනෝවා ද කෙදෙෂ් ද හාශෝර් ද ගිලියද් ද ගලීලය ද, එනම් මුළු නප්තලී දේශය ද අල්ලාගෙන දේශවාසීන් අසිරියාවට ගෙන ගියේ ය.


ඔව්හු සමාරියට ආ කල සමිඳාණන් වහන්සේ එලියා ලවා කී වචනය ලෙස සමාරියෙහි ආහබ්ගේ පවුලේ ඉතිරි ව සිටි සියල්ලන් ඔහුගේ වංශය විනාශ වන තුරු මරාදැමූ හ.


ඔහු ජේසුස් වහන්සේ වෙත සීමොන් කැඳවාගෙන ආවේ ය. ජේසුස් වහන්සේ ඔහු දෙස බලා, “ඔබ ජොහන්ගේ පුත් සීමොන් ය; ඔබට ‘කේපස්’ යයි කියනු ඇතැ”යි වදාළ සේක. (‘කේපස්’ යන්නෙහි අර්ථය ‘පර්වතය’ යනු යි.)


ඔහු ලියන ලෑල්ලක් ඉල්ලාගෙන, “ඔහුගේ නම ජොහන් ය”යි ලිවී ය. සියල්ලෝම මවිත වූ හ.


මේ බලන්න, ඔබ පිළිසිඳගෙන පුතෙකු ලබන්නෙහි ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තබන්න.


දේව දූතයා ඔහුට කතා කොට, “සෙකරියස්, බිය නොවන්න. මන්ද, ඔබේ යාච්ඤාව අසනු ලැබී ය. ඔබේ බිරිඳ වන එලිසබෙත් ඔබගෙන් පුතෙකු ලබන්නී ය. ඔහුට ජොහන් යයි නම් තබන්න.


ඈ පුතෙකු බිහි කරන්නී ය; උන් වහන්සේට ජේසුස් යන නාමය තැබිය යුතු ය; මන්ද, සිය සෙනඟ ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ එතුමාණෝ ය”යි කී ය.


ඔවුන් මාගේ දෙවියන් වහන්සේට කීකරු නොවූ නිසා උන් වහන්සේ ඔවුන් පහකරදමන සේක. ඔව්හු විජාතීන් අතරේ මුළා වූ අය වන්නෝ ය.


ධාන්‍ය ද මිදි ද ඔලීව ද පොළොවේ හටගන්නේ ය. එවිට ඉශ්රායෙල් සරුසාර වන්නේ ය.


ඈ කනකර අබරණ පළඳිමින්, පෙම්වතුන් පසුපස දුවමින්, බාල් දේවතාවන්ට සුවඳ දුම් පුදමින් මා අමතක කළ බැවින් මම ඈට දඬුවම් කරමි. මෙසේ පවසන්නේ සමිඳාණන් ය.”


ජුදාහි රජ වූ උශ්ශියාගේ තිස්අට වන අවුරුද්දේ දී ජෙරොබෝවම්ගේ පුත් ශෙකරියා සමාරියේ ඉශ්රායෙල්හි හය මාසයක් රජකම් කෙළේ ය.


පසු දින පෂ්හුර් ජෙරමියා දඬු කඳෙන් නිදහස් කළ විට ජෙරමියා ඔහුට මෙසේ කී ය: “සමිඳාණන් වහන්සේ ඔබට, ‘අවට සැපත’ යන අරුත ඇති පෂ්හුර් නොව, ‘අවට භීතිය’ යන අරුත ඇති මාගොර්-මිස්සාබිබ් කියා නම් තබා ඇත.


ඔවුන්ගේ පළාතට ජෙශ්‍රෙයෙල් ද කෙසුල්ලොත් ද ෂුනෙම් ද


ආහබ්ගේ පුත්‍රයන් සැත්තෑදෙනෙක් සමාරියේ සිටියහ. ජේහු ලියුම් ලියා සමාරියේ සිටි ජෙශ්‍රෙයෙල්හි අධිපතීන් වන ප්‍රජා මූලිකයන්ට ද ආහබ්ගේ දරුවන් ඇතිදැඩි කළ භාරකාරයන්ට ද යැවී ය.


ටික දිනකට පසු මම මාගේ භාර්යාව සමඟ සහවාසයේ යෙදුණෙමි. ඈ පිළිසිඳගෙන දරුවෙකු බිහි කළා ය. සමිඳාණන් වහන්සේ මට මෙසේ වදාළ සේක: “ඔහුට, ‘මහෙර්-ෂාලාල්-හාෂ්-බශ්’ කියා නම් තබන්න.


මේ පාපිෂ්ඨ රාජ්‍යය දෙස මම බල බලා සිටිමි. මම ඒ රාජ්‍යය මිහි පිටින් විනාශ කර දමමි. එහෙත්, ඒ ඉශ්රායෙල් සෙනඟ මම සහමුලින් ම විනාශ නොකරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්