Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හෙබ්‍රෙව් 7:1 - Sinhala New Revised Version 2018

1 මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මේ මෙල්කිසදෙක් තෙමේ සාලෙම්හි රජ ද පරමෝත්තම දෙවියන් වහන්සේගේ පූජකයෙක් ද විය. ආබ්‍රහම් රජවරුන් පලවා හැර පෙරළා එද්දී මේ මෙල්කිසදෙක් ඔහු හමු වී ඔහුට ආශීර්වාද කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 මන්ද සාලෙම්හි රජ්ජුරුවන් වූ මෙම මෙල්කිසදෙක්, පරමෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයාණෝ ය. රජුන් ඝාතන කර, ආපසු එමින් සිටි ආබ්‍රහම් මුණ ගැසුණු ඔහු, ඔහුට ආශිර්වාද කළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එසේය, සාලමේ රජවූ, මහෝත්තම දෙවියන්වහන්සේගේ පූජකයෙක්වූ, මේ මෙල්කිසදෙක් ආබ්‍රහම් රජුන් මැරීමෙන් හැරී එද්දී සම්මුඛව ඔහුට ආශීර්වාදකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හෙබ්‍රෙව් 7:1
17 හුවමාරු යොමු  

ජේසුස් වහන්සේ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව, සදහට ම උත්තම පූජකයෙකු වී අප උදෙසා පුරෝගාමියෙකු වශයෙන් එතැනට පිවිසි සේක.


මම සමිඳුන් අබිමුවට කුමක් රැගෙන පැමිණෙම් ද? සගයේ දෙවිඳුන් හට කෙසේ නමදිම් ද? දවන යාග පූජා ද අවුරුද්දක් වයසැති එළ වස්සන් ද රැගෙන පැමිණෙම් ද?


අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි; මට සියල්ල සලසා දෙන අතිඋතුම් දෙවිඳුන් හට මම හඬ ගසන්නෙමි.


මහහඬින් මොරගා, “පරමෝත්තම දෙවියන්ගේ පුත්‍ර වූ, ජේසුස් වහන්ස, ඔබත් මාත් අතර මොන ගනුදෙනුවක් ද? මට වද නොදෙන මෙන් දෙවියන්ගේ නාමයෙන් අයැදිමි”යි කී ය.


ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය.


එතුමාණන්ගේ මණ්ඩපය ජෙරුසලමෙහි වූයේ ය. එතුමාණන්ගේ නිවාසය සියොන් කන්දෙහි වූයේ ය.


ඈ පාවුලුත් අපත් පසුපස එමින්, “මේ අය ගැළවීමේ මාර්ගය අපට ප්‍රකාශ කරන, පරමෝත්තම දෙවියන් වහන්සේගේ දාසයෝ” යයි මොරගසා කීවා ය.


එහෙත්, ඔව්හු දෙවිඳුන් පිරික්සමින් එතුමාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය. මහෝත්තමයාණන්ගේ අණපනත් නොතකා හැරියෝ ය.


ආබ්‍රහම් තමා සතු සියල්ලෙන් දසයෙන් කොටස ඔහුට දුන්නේ ය. පළමු ව මෙල්කිසදෙක් යන නාමයේ අර්ථය ‘ධර්මිෂ්ඨකමේ රජු’ යනුයි. දෙවනු ව, ඔහු සාලෙම්හි රජ වූ බැවින්, ඔහුගේ නාමයේ අර්ථය ‘සාමයේ රජු’ යනු ද විය.


තවද ඔහුගේ පියාගේ හෝ මවගේ හෝ පෙළපත ගැනවත්, උපත හෝ මරණය හෝ ගැනවත් සටහනක් නැත. මේ තෙමේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් හා සමාන ය; ඔහු සදහට ම පූජකයෙක් ව සිටියි.


එහෙත් ඔවුන්ගේ පෙළපතට ඇතුළත් නො වූ මේ තැනැත්තා දසයෙන් කොටස ආබ්‍රහම්ගෙන් ලබාගෙන, පොරොන්දු හිමි වූ ඔහුට ආශීර්වාද කෙළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්