Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 24:24 - Sinhala New Revised Version 2018

24 “වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත. ජාතීන් ඔහු හෙළා දකිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 “වැරදිකරු නිවැරදි ය”යි තීන්දු දෙන විනිසකරුට ජනතාව සාප කරනු ඇත. ජාතීන් ඔහු හෙළා දකිනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 නුඹ ධර්මිෂ්ඨය කියා දුෂ්ටයාට කියන්නාට ජනයෝ ශාපකරන්නෝය, ජාතීහු ඔහු පිළිකුල්කරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 24:24
11 හුවමාරු යොමු  

දුදනන් නිදොස් කරන මිනිසා ද සුදනන් සදොස් කරන මිනිසා ද සමිඳුන්ට එක සේ පිළිකුලකි.


අල්ලස් ගෙන දුෂ්ටයා නිදොස් කර, ධර්මිෂ්ඨයන්ගේ අයිතිවාසිකම් පැහැරගත් ඔබට වන විපතක මහත!


අනුන්ට නො දී ධාන්‍ය රැස් කරන්නාට සෙනඟ සාප කරනු ඇත; එහෙත් එය විකුණන්නා හට ආසිරි ලැබෙනු ඇත.


දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.


“ ‘ධර්මිෂ්ඨයන් මා අධෛර්ය නොකළ නමුත්, නුඹලා බොරු කියා ඔවුන් අධෛර්ය කළහු ය. දිවි ගළවාගන්න පිණිස නපුරු මිනිසුන්ට ඔවුන්ගේ නපුරුකම් අත්හරින්නට ඉඩ නොදී ඔවුන්ට දිරි දුන්නහු ය.


ඔවුන් පිට වී යන විට මට විරුද්ධ ව වරද කළ අයගේ මළකඳන් දකිනු ඇත. ඔවුන් කාදමන පණුවෝ කිසි කලක නොමැරෙති. ඔවුන් දවාලන ගින්න කිසි කලක නොනිවේ. ඔව්හු සියලු දෙනාට පිළිකුලක් වන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණන් වන මම ය.”


නපුරට යහපත කියා ද යහපතට නපුර කියා ද කියන, එළිය අඳුරු බවටත් අඳුර එළිය බවටත් හරවන මිහිර තිත්ත බවටත් තිත්ත මිහිර බවටත් හරවන ඔබට වන විපතක මහත!


මෙහෙකරුවෙකු ගැන හාම්පුතුට කේළාම් නොකියන්න, එසේ කළොත් සමහර විට ඔබ මෙහෙකරුගේ සාපය ලැබ දුක් විඳිනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්