Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හිතෝපදේශ 24:13 - Sinhala New Revised Version 2018

13 මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 මාගේ පුත්‍රය, මී පැණි ඇඟට ගුණ ය; කටට රස ය; එය පානය කරන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මාගේ පුත්‍රය, මීපැණි හොඳ බැවින් ඒවාද නුඹේ දිවට මිහිරිවූ මීවදයේ පැණිද කන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හිතෝපදේශ 24:13
12 හුවමාරු යොමු  

නපුර එපාකර යහපත තෝරාගැනීමට තරම් ඔහුට තේරුම් පැහැදුම් ඇති වූ කල ඔහු දීකිරිත් මී පැණිත් වළඳන්නේ ය.


මා සොහොයුරිය, මා මනාලිය, මම මාගේ උයනට අවුත්, මාගේ ගන්ධරස හා සුවඳ ද්‍රව්‍ය රැස් කරගතිමි. මී වදේ සමඟ මී පැණි කෑවෙමි. කිරි සමඟ මුද්‍රික පානය බීවෙමි. මිත්‍රයෙනි, කන්න; ප්‍රිය තැනැත්තෙනි, බොන්න. එසේ ය, ප්‍රේමයෙන් මත් වන තෙක් බොන්න.


මී පැණි ලදහොත් තරමට පමණක් කන්න; වැඩියෙන් කෑවොත් වමනය ඇති වේ.


මාගේ මනාලිය, ඔබේ තොල්වලින් මී වදයකින් මෙන් පැණි වැගිරෙයි. ඔබේ දිව යට මී පැණිත්, කිරිත් තිබේ. ඔබේ වස්ත්‍රවල සුගන්ධය ලෙබනොන්හි සුවඳ මෙන් ය.


ඔබේ වචන මාගේ දිවට කොපමණ මිහිරි ද? එසේ ය, ඒවා මාගේ කටට මී පැණිවලට වඩා මිහිරි ය.


රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය.


මෙකී ජොහන් ඔටු ලොම් වස්ත්‍රයක් ඇඳ, ඉණ වටා හම් පටියක් බැඳ සිටියේ ය. පළඟැටියන් හා වන මී ඔහුගේ ආහාරය විය.


මී පැණි ගොඩක් බීම හොඳ නැත; තම ගෞරවය ම වැඩියෙන් සෙවීම ද හොඳ නැත.


ප්‍රිය වදන මී වදය මෙන් කටට රස ය, ඇඟට ගුණ ය,


කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.


ඔහු මී පැණි අතින් ගෙන, කකා ගොස්, ඔහුගේ මවුපියන් ළඟට පැමිණ ඔවුන්ටත් දුන්නේ ය. ඔව්හු කෑවෝ ය. එහෙත්, ඒ මී පැණි සිංහයාගේ මළකුණෙන් ගත් බව ඔහු ඔවුන්ට කීවේ නැත.


එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්