Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හබක්කුක් 1:5 - Sinhala New Revised Version 2018

5 “නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 “නුඹ අවට ඇති ජාතීන් දෙස බලන්න. නුඹ දකින දෙයින් නුඹ පුදුමයට හා විස්මයට පත් වනු ඇත. මන්ද, නුඹලාගේ කාලයේ දී මා කරන්න යන්නේ, නුඹට කීවත් විශ්වාස කරන්න බැරි දෙයකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ජාතීන් අතරෙහි බලා, කල්පනාකර, ඉතා විස්මපත්වෙන්න. මක්නිසාද නුඹලාට කීවත් නුඹලා විශ්වාස නොකරන ක්‍රියාවක් නුඹලාගේ දවස්වලදී කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හබක්කුක් 1:5
15 හුවමාරු යොමු  

‘එදිරිකාරයා සහ සතුරා ජෙරුසලමේ දොරටුවලට ඇතුළු වන්නේ ය’යි පොළොවේ රජවරු ද ලෝකයේ සියලු වැසියෝ ද විශ්වාස නොකළෝ ය.


එබැවින් ඔවුන් නොපැතූ අරුමපුදුම දේ මම කරන්නෙමි; ඔවුන්ගේ ඥානවන්තයන්ගේ තේරුම්ගැනීමේ ශක්තිය නැති වී යන්නේ ය; ඔවුන්ගේ උගත්තු නූගත්තු වන්නෝ ය.”


එකල සෙනඟ පිළිතුරු දෙමින්, “එන්න, අපි ජෙරමියාට විරුද්ධ ව උපා යොදමු; අපට අනුශාසනා කිරීමට පූජකයන් ද උපදෙස් දීමට ප්‍රඥාවන්තයන් ද පණිවුඩ ප්‍රකාශ කිරීමට දිවැසිවරුන් ද නිතර ම සිටිනු ඇත. ඒ නිසා ජෙරමියා කියන දේට සවන් නොදී ඔහුට විරුද්ධ ව චෝදනා ඉදිරිපත් කරමු”යි කී හ.


ඉබාගාතේ ඇවිද ක්ලාන්ත වන්න; සැප විඳ අන්ධ වන්න; මඳක් වත් මිදියුස නොබී මත් වන්න; බිඳක් වත් නොබී වැනි වැනී යන්න.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මම මිහි පිට ඇති සියලු දේ සහමුලින් ම විනාශ කරන්නෙමි.


සමිඳාණන් වහන්සේ සෙසු ජාතීන් අතරෙහි ඔබ හැම විසුරුවා දමන සේක. උන් වහන්සේ ඔබ ගෙන යන විජාතීන් අතරෙහි ඔබ ගණනින් ඉතා ස්වල්ප දෙනෙකු වශයෙන් ඉතිරි වන්නාහු ය.


සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්