Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 2:23 - Sinhala New Revised Version 2018

23 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. එම දවසේ දී මාගේ සේවක ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්, මම නුඹ මාගේ පේරැස් මුද්ද මෙන් කරන්නෙමි. මා තෝරාගත් තැනැත්තා නුඹ ය. මෙසේ වදාරන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. එම දවසේ දී මාගේ සේවක ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්, මම නුඹ මාගේ පේරැස් මුද්ද මෙන් කරන්නෙමි. මා තෝරාගත් තැනැත්තා නුඹ ය. මෙසේ වදාරන්නේ සියලු බලැති සමිඳාණන් වහන්සේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 සේනාවල ස්වාමීන්වහන්සේ කථාකොට: ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ මාගේ මෙහෙකරුවාවූ සෙරුබ්බාබෙල්, මම ඒ දවසේදී නුඹ රැගෙන පේරස්මුද්දක් කොට තබාගන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක. මක්නිසාද නුඹ තෝරාගතිමියි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 2:23
12 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයෙනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරාගතිමි. එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම්ගන්න පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැනගන්න පිණිසත් ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත.


“මා සහාය දෙන මාගේ සේවකයා මෙන්න. මට ප්‍රිය වූ මාගේ තෝරාගත් තැනැත්තා මෙන්න. මාගේ ආත්මානුභාවය මා එතුමාට ප්‍රදානය කර ඇත. සියලු ජාතීන්ට එතුමා යුක්තිය ගෙන දෙනු ඇත.


ජෙහෝයාකිම්ගේ පුත් ජුදාහි රජ වූ ජෙකොනියාට සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “නුඹ මාගේ දකුණතේ මුද්‍රාව මෙන් සිටි නමුත්, මම නුඹ උදුරාදමන්නෙමි යි සහතික කොට කියමි.


ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.


මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න.


කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලො‍් ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”


නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.


“මෙන්න, මා තෝරාගත් මාගේ මෙහෙකරුවා, මා සිත්ගත් මාගේ පෙම්වතා, මාගේ ආත්මානුභාවය ඔහුට ප්‍රදානය කරමි; එකල ඔහු විජාතීන් හට යුක්තිය දන්වයි.


එම්බා ජෙරුසලම, නුඹේ නම මාගේ අත්වල අල්ලෙහි කොටා ගෙන ඇත. නුඹේ පවුරු මා ඉදිරියෙහි නිතර ම ඇත.


ගැළවුම්කාර දෙවිඳුනි, ඔබේ ප්‍රබල ක්‍රියා මඟින් අප ගළවාගත මැනව; මුළු පොළොවේ ද ඈත සමුදුරේ ද බලාපොරොත්තුව ඔබ වන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්