Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 2:14 - Sinhala New Revised Version 2018

14 එවිට හග්ගයි මෙසේ කී ය: “මේ දේ මේ සෙනඟටත්, මේ රටවැසි සියලු දෙනාටත්, ඔවුන් නිපදවන සියලු දේටත් අදාළ වන්නේ ය. ඔවුන් ඔප්පු කරන සෑම දේ ම අපවිත්‍ර වන්නේ ය යි ‍සමිඳාණන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 එවිට හග්ගයි මෙසේ කී ය: “මේ දේ මේ සෙනඟටත්, මේ රටවැසි සියලු දෙනාටත්, ඔවුන් නිපදවන සියලු දේටත් අදාළ වන්නේ ය. ඔවුන් ඔප්පු කරන සෑම දේ ම අපවිත්‍ර වන්නේ ය යි ‍සමිඳාණන් වහන්සේ වදාරන සේක.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එවිට හග්ගයි උත්තරදෙමින් මෙසේ කීවේය: මා ඉදිරියෙහි මේ සෙනඟ එසේමය, මේ ජාතියද එසේමයයි ස්වාමීන්වහන්සේ කියනසේක; ඔවුන්ගේ අත්වල සියලු වැඩත් එසේමය; ඔවුන් එහි ඔප්පුකරන දේත් අපවිත්‍රය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 2:14
11 හුවමාරු යොමු  

පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය; දූෂිත, අභක්තික අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිතත්, හෘදය සාක්ෂියත් දූෂණය වී තිබේ.


දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.


දුදනන්ගේ පුද පූජා සමිඳුන්ට පිළිකුලකි; සුදනන්ගේ යැදුම් එතුමන්ට සතුටකි.


සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න.


දුදනන් පුදන යාග පූජා සමිඳුන්ට පිළිකුලකි, වැරදි චේතනාවෙන් පුදන විට වැඩියෙනුත් පිළිකුලකි.


උඩඟු බැල්ම ද අහංකාර සිත ද යන මේ පව් දුදනන්ගේ චරිත ලක්ෂණ වේ.


සමිඳාණන් වහන්සේට මිදියුස පුදන්නට වත්, උන් වහන්සේට පුද පූජා කරන්නට වත් ඔවුන්ට නොහැකි වන්නේ ය. ඔවුන්ගේ කෑම මළ ගෙවල කෑම මෙන් ය. ඒවා කන සියලු දෙන අපවිත්‍ර වන්නෝ ය. ඔවුන්ගේ කෑම ඔවුන්ගේ ම කුසගිනි නිවීමට මිස, සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට සුදුසු නොවේ.


සෙනඟ තමන් කැමැති සේ ක්‍රියා කරති. පූජා කරන පිණිස ගොනෙකු මරන සේ ඔව්හු මිනිසුන් මරති. බැටළු පැටවෙකු පූජා කරන්න මරන සේ බල්ලෙකුගේ බෙල්ල කඩති. ආහාර පූජාවක් ඔප්පු කරන්නා ඌරු ලේ පුදන්නා වැනි ය. තුවරලා දවමින් සිහි කිරීමේ පූජාවක් පිදීම පිළිමයකට බුහුමන් කිරීමක් වැනි ය. ඔව්හු හිතුමතේ කරන පිළිකුල් සහිත පූජාවලට ප්‍රිය වෙති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්