Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




හග්ගයි 1:14 - Sinhala New Revised Version 2018

14 සමිඳාණන් වහන්සේ ජුදාහි ආණ්ඩුකාරයා වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ගේ ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවාගේ ද සෙනඟ අතර ඉතිරි වූ සියලු දෙනාගේ ද සිත් දිරිගැන්වූ සේක. තමන්ගේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ ම මාලිගාව ගොඩනැඟීමට ඔව්හු පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 සමිඳාණන් වහන්සේ ජුදාහි ආණ්ඩුකාරයා වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ගේ ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවාගේ ද සෙනඟ අතර ඉතිරි වූ සියලු දෙනාගේ ද සිත් දිරිගැන්වූ සේක. තමන්ගේ සියලු බලැති දෙවි සමිඳාණන් වහන්සේගේ ම මාලිගාව ගොඩනැඟීමට ඔව්හු පටන්ගත්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 තවද ස්වාමීන්වහන්සේ ෂෙයල්තියෙල්ගේ පුත්‍රවූ යූදාහි ආණ්ඩුකාරයාවූ සෙරුබ්බාබෙල්ගේ ආත්මයද යෙහෝශාදාක්ගේ පුත්‍රවූ උත්තම පූජකයාවූ යෝෂුවාගේ ආත්මයද සෙනඟගෙන් අනික් සියල්ලන්ගේ ආත්මද පුබුදුකළසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




හග්ගයි 1:14
19 හුවමාරු යොමු  

එහෙත්, සමිඳාණන් වහන්සේ ජෙරමියාගේ මුඛයෙන් කියෙවූ වචනය සම්පූර්ණ වන පිණිස පාර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී සමිඳාණන් වහන්සේ පාර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත පෙළඹෙවූ සේක. ඔහු වනාහි ප්‍රකාශයක් කරමින්, “ස්වර්ගයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ සියලු රාජ්‍යයන් මට දී තිබේ.


ඔබ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන පිණිස, සියලු යහපත් ක්‍රියාවලින් ඔබ පරිපූර්ණ කරන සේක් වා! තමන්ට ප්‍රසන්න දේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන උන් වහන්සේ අප තුළ ඉටු කරන සේක් වා! උන් වහන්සේට සදහට ම මහිමය වේ වා! ආමෙන්.


“ජුදාහි ආණ්ඩුකාරයා වන සෙරුබ්බාබෙල්ට මෙසේ කියන්න, ‘මම අහසත් පොළොවත් සොලවන්න යන්නෙමි.


දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.


ජෙරුසලමෙහි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන පිණිස, දෙවියන් වහන්සේ විසින් සිත් උද්‍යෝගවත් කරවන ලද සියලු දෙනා ම එනම්, ජුදාවරුන්ගේත්, බෙන්ජමින්වරුන්ගේත් පිය වංශවල ප්‍රධානීහු ද පූජකයෝ ද ලෙවීවරු ද එහි යන්නට සූදානම් වූ හ.


පර්සියාවේ රජ වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, සමිඳාණන් වහන්සේ ජෙරමියා මඟින් ප්‍රකාශ කළ වචනය ඉටු වන පිණිස, උන් වහන්සේ පර්සියාවේ රජ වූ සයිරස්ගේ සිත උද්‍යෝගවත් කළ සේක. ඔහු තමාගේ රාජ්‍යයේ සතර දිග් භාගයෙහි ප්‍රසිද්ධියේ කියවන පිණිස ප්‍රකාශනයක් නිකුත් කෙළේ ය.


ඉශ්රායෙල්වරුන්ගේ දෙවියන් වහන්සේ ද අසිරියාවේ රජ වූ පූල්ගේ සිතත් අසිරියාවේ රජ වූ තිල්ගත්-පිලෙසෙර්ගේ සිතත් පොළඹවා, ඔවුන් එනම්, රූබන්වරුන් ද ගාද්වරුන් ද මනස්සේගේ අර්ධ ගෝත්‍රය ද ගෙන ගොස්, හලාටත්, හාබෝර්ටත්, හාරාටත්, ගෝශාන්හි ගංගාව ළඟටත් පැමිණෙවු සේක. ඔව්හු අද දක්වා එහි සිටිති.


ජුදාහි ආණ්ඩුකාර වූ ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල්ටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක වූ ජෝෂුවාටත් සෙනඟ අතර ඉතිරි වූ සියල්ලන්ටත් මෙසේ කියන්නට උන් වහන්සේ හග්ගයිට නියම කළ සේක:


එහෙත්, අපි පවුර ගොඩනඟාගෙන ගියෙමු. මෙසේ හරි අඩක් උසට මුළු පවුර සාදන ලද්දේ ය. එසේ කළ හැකි වූයේ, වැඩ කරන්නට සෙනඟට සිතේ ධෛර්යය තිබුණ බැවිනි.


අප ජුදා රටේ තිබෙන, උතුම් දෙවියන් වහන්සේගේ මාලිගාවට ගිය බව රජතුමාට දැන්විය යුතු ව තිබේ. එය ලොකු ගල්වලින් ගොඩනඟාගෙන යනු ලැබේ. බිත්තිවලට ලී බාල්ක යොදා තිබේ. ඒ වැඩකටයුතු උනන්දුවෙන් හොඳින් කෙරීගෙන යයි.


එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෝශාදාක්ගේ පුත් ජෝෂුවා ද ජෙරුසලමෙහි තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට පටන්ගත්හ; ඔවුන් සමඟ දෙවියන් වහන්සේගේ දිවැසිවරු ද ඔවුන්ට උපකාර කරමින් සිටියෝ ය.


ඔබ ගැන අප දක්වන හිතවත්කම ම, තීතස්ට දැක්වූ දෙවියන් වහන්සේට ස්තුති වේ වා!


එහෙයින් මාගේ ප්‍රේමවන්ත සහෝදරවරුනි, සමිඳාණන් වහන්සේ තුළ ඔබගේ සේවය නිරර්ථක නොවන බව ඔබ දන්නා බැවින් ස්ථිර වන්න. නොසෙල් වී සිටින්න. සමිඳාණන් වහන්සේගේ සේවයෙහි අධික ලෙස නිරතවන්න.


එවිට ෂෙයල්තියෙල්ගේ පුත් සෙරුබ්බාබෙල් ද ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා ද ඉතිරි වූ කුඩා පිරිස අතර සියල්ලෝ ද ඔවුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ නියම කළ දේ කළහ. ඔව්හු සමිඳාණන් වහන්සේට මහත් සේ ගරුබිය දැක්වූ හ; සමිඳාණන් වහන්සේගේ දූතයා වන දිවැසිවර හග්ගයිට කීකරු වූ හ.


ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.


මෙසේ පටන්ගනු ලැබුවේ දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ විසිහතර වන දා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්