Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 9:3 - Sinhala New Revised Version 2018

3 තීර් වනාහි බලකොටු සාදාගෙන ධූලි ගොඩ ගසන්නාක් මෙන් රිදී ද වීථිවල කුණු කසළ ගොඩ ගසන්නාක් මෙන් රන් ද රැස් කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 තීර් වනාහි බලකොටු සාදාගෙන ධූලි ගොඩ ගසන්නාක් මෙන් රිදී ද වීථිවල කුණු කසළ ගොඩ ගසන්නාක් මෙන් රන් ද රැස් කරගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 තීර් වනාහි බලකොටුවක් ගොඩනගාගන, දූවිලි මෙන් රිදීද වීථිවල මඩ මෙන් රන්ද රැස්කරගත්තාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 9:3
16 හුවමාරු යොමු  

නුඹේ බඩු මුහුද මඟින් ගෙනයනු ලැබූ කල නුඹ බොහෝ ජනයන් තෘප්තියට පැමිණෙවුවෙහි ය; නුඹේ බහුල සම්පතින් ද සාර්ථක වෙළෙඳාමෙන් ද නුඹ පොළොවේ රජුන් පොහොසත් කෙළෙහි ය.


ඔවුන්ට පොළොවේ වැලි මෙන් රන් රිදී තිබුණත්, අපමණ රෙදිපිළි ගොඩගැහුණත්,


එතැනින් පවුරු ඇති තීර්ටත්, හිවීවරුන්ගේ ද කානානිවරුන්ගේ ද සියලු නගරවලටත් පැමිණ, ජුදාහි දකුණු දිශාවේ බෙයර්-ෂෙබා දක්වා ගියහ.


එතැනින් සීමාව රාමාට හැරී, පවුරු ඇති නගර වූ තීර්ට පැමිණ, හෝස් දෙසට හැරී අක්ශිබ් පළාතේ පටන් ගොස් මධ්‍යධරණි මුහුද ළඟ කෙළවර වුණේ ය.


ලෝ වැසි සියල්ලන්ගේ ගෞරවයට පාත්‍ර වූ රාජකීය වෙළෙඳුන් විසූ, අධිරාජ නගරයක් වූ තීර්ට විරුද්ධ ව මෙය යෝජනා කෙළේ කවරෙක් ද?


ඔබේ රන් දූවිල්ල මෙන් ද ඔබේ තනි රන් දොළ පතුලේ ගල් කැට මෙන් ද සැලකුවොත්,


තවද, රජ ජෙරුසලමෙහි වූ රිදී ගල් මෙන් ද, කිහිරි ගස්, මිටියාවතේ වූ අත්තික්කා ගස් මෙන් ද, ගණනින් වැඩි වන්නට සැලැස්වී ය.


සලමොන් රජුගේ පාන පාත්‍ර සියල්ල ම රනින් විය. ලෙබනොන් ආරණ්‍ය ශාලාවේ සියලු භාජනත් තනි රනින් විය. කිසිවක් රිදීයෙන් නො වී ය. රිදී වනාහි සලමොන් රජුගේ කාලයේ දී අගය කොට නොසලකන ලදී.


සමිඳුන් ස්වකීය හස්තය මුහුද හරහා දිගු කොට රට රාජ්‍යයන් බිඳ හෙළා ඇත. කානාන්හි සවිමත් පවුරු විනාශ කරන ලෙස එතුමන් අණකර ඇත.


ඔවුන් නුඹේ වස්තු කොල්ලකා, නුඹේ වෙළෙඳාම් බඩු උදුරාගනු ඇත. නුඹේ පවුරු බිඳදමා, විශාල මන්දිර හෙළාදමා නුඹේ ගල් ද ලී ද පස් ද මුහුදට දමනු ඇත.


දැන් නුඹ මුහුදින් වට වී රැළ පහරින් බිඳී ගොස් ඇත. නුඹේ වෙළෙඳාම් බඩු ද නුඹ සමඟ සිටි නුඹේ මුළු සමූහය ද වැටී ඇත.


සිය මැදුරු රන් රිදීයෙන් පුරවාගත් කුමරුන් සමඟ ද මට සැතපෙන්නට තිබිණි.


නුඹේ සම්පත් ද නුඹේ බඩු ද නුඹේ වෙළෙඳාම් ද නුඹේ යාන්ත්‍රිකයන් ද නුඹේ නාවිකයන් ද නුඹේ කැඩුම්බිඳුම් හරිගස්සන්නන් ද නුඹේ වෙළෙඳාමේ යෙදී සිටින්නන් ද නුඹ තුළ සිටින නුඹේ සියලු යුද්ධකාරයන් ද නුඹ සමඟ සිටින නුඹේ මුළු සමූහයා සමඟ නුඹ නුඹේ වැටීමේ දවසේ දී මුහුද මැද ගිලෙන්නෙහි ය.


සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාළ සේක:


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්