Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 9:1 - Sinhala New Revised Version 2018

1 මෙය දිව්‍ය ප්‍රකාශනය වේ: “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය හද්‍රාක් දේශයටත්, දමස්කස් නගරයටත් විරුද්ධ ව පැමිණ ඇත. ඉශ්රායෙල්හි සියලු ගෝත්‍ර පමණක් නොව, ආරාම්හි අග නුවරත් සමිඳාණන් වහන්සේට අයිති ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 මෙය දිව්‍ය ප්‍රකාශනය වේ: “සමිඳාණන් වහන්සේගේ පණිවුඩය හද්‍රාක් දේශයටත්, දමස්කස් නගරයටත් විරුද්ධ ව පැමිණ ඇත. ඉශ්රායෙල්හි සියලු ගෝත්‍ර පමණක් නොව, ආරාම්හි අග නුවරත් සමිඳාණන් වහන්සේට අයිති ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 හද්‍රාක් දේශය කෙරෙහි ස්වාමීන්වහන්සේගේ වචනයේ දිව්‍ය ප්‍රකාශනයය, එය පිහිටෙන තැන දමස්කයය. මක්නිසාද මනුෂ්‍යයන්ගෙත් සියලු ඉශ්‍රායෙල් ගෝත්‍රවලත් ඇස් ස්වාමීන්වහන්සේ දෙසටය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 9:1
22 හුවමාරු යොමු  

ඉශ්රායෙල්වරුන්ට දන්වන පිණිස සමිඳාණන් වහන්සේ මලාකිට දිව්‍ය ප්‍රකාශනයකින් දුන් පණිවුඩය මෙය වේ:


සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන පරිදි උන් වහන්සේ මේ සාපය එවන සේක. එවිට එය හැම සොරෙකුගේ ද බොරුවට දිවුරන හැම කෙනෙකුගේ ද නිවෙසට ඇතුළු වන්නේ ය. එය ඒ නිවෙස්වල රැඳී එහි සිටින සියල්ලන් ද එහි ලී දඬු ද ගඩොල් ද විනාශ කර දමන්නේ ය.”


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරමින්, “එඬේරෙකු, සිංහයාගේ කටින් බැටළුවෙකුගේ කකුල් දෙක හෝ කනින් කෑල්ලක් හෝ ගළවාගන්නාක් මෙන් දෙවියන් වහන්සේ සමාරියේ වසන ඉශ්රායෙල් ජනයා ගළවාගන්න සේක. ගළවනු ලබන්නේ, ඇඳක ලී පතුරක් හෝ කෑල්ලක් හෝ වැනි, ඉතා ස්වල්ප දෙනෙක් පමණි.


සමිඳුනි, ඔබ වහන්සේ මාගේ බලය ද බලකොටුව ද විපත්ති දවසේ දී මාගේ රැකවරණය ද වන සේක. විජාතීහු පොළොවේ සීමාවලින් ඔබ වෙත අවුත් කතා කොට, “අපේ පියවරු වැඩකට නැති බොරු දෙවිවරුන්ට ගැති ව සිටියහ.


සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.


මේ වනාහි ආමොස්ගේ පුත් යෙසායාට බබිලෝනිය ගැන එළිදරව් වූ දෙවියන් වහන්සේගේ පණිවුඩය ය:


සියල්ලන්ගේ දෙනෙත් ඇවිටිල්ලෙන් ඔබ දෙස යොමු කර තිබේ. ඔබ ද සුදුසු කාලයේ දී ඔවුන්ට ආහාර දෙන සේක.


මාගේ දෙනෙත නිරතුරු හිමි සමිඳාණන් දෙසට යොමුව ඇත; මන්ද, එතුමාණෝ මාගේ දෙපා සතුරාගේ දැලෙන් මුදාගන්න සේක.


අපේ දෙවියන් වහන්ස, ඔබ ඔවුන් විනිශ්චය නොකරන සේක් ද? මන්ද, අපට විරුද්ධ ව එන මේ විශාල සෙනඟ ඉදිරියෙහි සිටින්න අපට ශක්තිය නැත: අපි කුමක් කරමු ද කියාත් නොදනිමු. එබැවින්, අපේ ඇස් ඔබ දෙස ම යොමු කර තිබේ.”


එහි දී ඔහුගේ පිරිස කණ්ඩායම් දෙකකට බෙදී රාත්‍රි කාලයේ සතුරන්ට පහර දී ඔවුන් පරාජය කළහ. මෙසේ පරාජය කොට දමස්කස් නුවරට උතුරින් පිහිටි හෝබා දක්වා ඔවුන් ලුහුබැඳ ගියෝ ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “තීර්හි වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. ඔවුන් මුළු ජාතියක් ම පිටුවහල් කොට ඒදොම් ජනයාට පාවා දුන් නිසා, මම සත්තකින් ම ඔවුන්ට දඬුවම් කරමි. ඔවුන් ගිවිසගත් මිතුරු ගිවිසුම් ඔවුන් අමතක කර ඇත.


මෙය නිනිවය පිළිබඳ දිව්‍ය ප්‍රකාශනයකි; එල්කොෂ් වැසියෙකු වූ නාහුම්ගේ දර්ශන පොත ය.


ඔබේ අදහස් උදාර ය; ඔබේ ක්‍රියා බලසම්පන්න ය; මිනිසුන් කරන සියලු දේ ඔබට පෙනෙන්නේ ය; ඔවුන්ගේ ක්‍රියාවල ප්‍රතිඵල අනුව ඔවුන්ට ප්‍රතිවිපාක දෙන සේක.


කුඩා පටන්ගැන්ම හෙළා දකින්නට යමෙක් වේ ද? ගොඩනැඟිල්ලේ කටයුතු පමා ව ඇති නිසා ඔව්හු කලකිරී සිටිති. ඔව්හු සෙරුබ්බාබෙල්ගේ අතේ මුල් ගල ඇති බව දකින විට ප්‍රීති වන්නෝ ය.” දේව දූතයා මට කතා කොට, “පහන් සත නම් පො‍ළොවේ සියලු දිශාවන් දකින සමිඳාණන් වහන්සේගේ ඇස් සත ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්