Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 2:4 - Sinhala New Revised Version 2018

4 ඔහු පළමු දූතයාට මෙසේ කී ය: “ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඔහු පළමු දූතයාට මෙසේ කී ය: “ඔබ දුව ගොස් අර තරුණයාට කතා කොට මෙසේ කියන්න: ජෙරුසලම පවුරකින් සීමා නොකළ හැකි නගරයක් වනු ඇත. මන්ද, එහි ජනගහණය ද ගවමහිෂයන් ද වැඩි වන්නට යන නිසා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 නුඹ දුව ගොස් අර තරුණයාට කථාකර–යෙරුසලම තුළ මනුෂ්‍යයන්ගේද සිව්පාවුන්ගේද වැඩිකම නිසා පවුරු නැති ගම්වල මෙන් මිනිස්සු එහි වාසයකරන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 2:4
24 හුවමාරු යොමු  

“කෑමොරගසන්න, මාගේ නගරය නැවත යසඉසුරෙන් පිරී යන්නේ ය. සියොන් නැවත සනසා, ජෙරුසලම තම තමන්ගේ ම නගරය කරගනු ලබන්නේ ය කියා සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.”


ජෙරුසලම් වැසියෙනි, ඔබේ පවුරු ගොඩනඟන කාලයක් පැමිණෙන්නේ ය. ඒ කාලයේ දී ඔබේ සීමාවන් පළල් කරනු ලබනවා ඇත.


නුඹ කතා කොට, මම පවුරු රහිත ගම් ඇති දේශයට විරුද්ධ ව නැඟී ගොස්, සාමකාමී ව කරදර රහිත ව වාසය කරන අයට විරුද්ධ ව පැමිණෙන්නෙමි. ඔව්හු සියල්ලෝ ම පවුරු නැති ව වාසය කරති. ඔවුන්ට අගුල් ද දොරවල් ද නැතැ යි කියනු ඇත.


ගණන් නොකළ හැකි තරම් අහසේ තරු ද මුහුදේ වැලි ද මෙන් මාගේ මෙහෙකරු වූ දාවිත්ගේ වංශය ද මට සේවය කරන ලෙවීවරුන් ද මම වැඩි කරන්නෙමි.”


“ඒ කාලයේ දී මම ජුදාහි ගෝත්‍රයන් වනලැහැබක නොහොත් ගොයම් ඇති කුඹුරක ගිනි හුලක් මෙන් ද පිදුරු මිටි අතර ගිනි පෙනෙල්ලක් මෙන් ද කරන්නෙමි. ඔව්හු සියලු ජාතීන් හාත්පසින් ම විනාශ කරන්නෝ ය. ජෙරුසලමේ සෙනඟ සිය නගරයෙහි සුරැකි ව සිටින්නෝ ය.


“ඉශ්රායෙල් දේශය හා ජුදා දේශය සෙනඟගෙන් ද ගවයන්ගෙන් ද පුරවන කාලය පැමිණෙන්නේ යයි ස්වාමීන් වන මම කියන්නෙමි.


පිටුවහල් ව සිටි කාලයේ දී උපන් අය ‘මේ දේශය අපට ජීවත් වීමට මදි ය. අපට වාසය කිරීමට තව ඉඩකඩ වුවමනා ය’යි නුඹට යම් දවසක දී කියනු ඇත.


මාගේ සේවකයා ප්‍රකාශයක් කළ විට, මාගේ අදහස් දන්වන පිණිස දූතයෙකු එවූ විට ඒවා ඉෂ්ට වන්න සලස්වන්නේත් මම ය. ජෙරුසලමට කතා කොට එහි සෙනඟ නැවතත් ප්‍රාණවත් කරන බවත්, ජුදා නගරවලට කතා කොට, නටබුන් වූ නගර නැවත ගොඩනඟන බවත් කියන්නේ මම ය.


ජුදාවේ ද එහි සියලු නගරවල ද සෙනඟ ජීවත් වන්නෝ ය. එහි ගොවියෝ ද ගව රැළ කැටුව යන්නෝ ද එක් ව වාසය කරන්නෝ ය.


අපේ ආගමික මංගල්‍යයන් පවත්වන ස්ථානයක් වන සියොන් දෙස බලන්න; ජෙරුසලම දෙස බලන්න. ජීවත් වීමට එය කොතරම් සුරක්ෂිත වාසභවනයක් වන්නේ ද? එය, කිසි කලක නොසෙල්වන, ඇබ ගලවනු නොලබන, ලණු නොකැඩෙන, කූඩාරමක් හා සමාන වන්නේ ය.


ඔබගේ තරුණකම නිසා ඔබ සුළු කොට සැලකීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබේ කතාවෙන් ද හැසිරීමෙන් ද ප්‍රේමයෙන් ද ඇදහිල්ලෙන් හා පිරිසිදුකමින් ද අදහන්නන්ට ආදර්ශයක් වන්න.


එවිට මම, “මහෝත්තම ස්වාමීන් වන දෙවියන් වහන්ස, මා ළා බාලයෙකු වන බැවින් මම කතා කරන්නට නොදනිමි”යි කීවෙමි.


අනුකම්පාව දක්වන පිණිස මම ජෙරුසලමට නැවත පැමිණ සිටිමි; මාගේ මාලිගාව නැවත ගොඩනඟනු ලැබේ. ඒ නගරය ප්‍රතිසංස්කරණය කරනු ලැබේ.


ගිනි අඟුරු පිඹ නියම වැඩට ආයුධයක් තළාගන්නා වූ කම්මල්කරුවා මැව්වේ මම ය. ඒ ආයුධවලින් වනසාදැමීම සඳහා යුද්ධ භටයා මැව්වේත් මම ය.


ජෙරුසලමට විරුද්ධ ව යුද්ධ කරන සකල ජාතීන් කෙරෙහි වසංගතයක් සමිඳාණන් වහන්සේ පමුණුවන සේක. ඔවුන් සිටගෙන සිටිය දී ඔවුන්ගේ මාංස කුණු වී යන්නේ ය. ඔවුන්ගේ ඇස් ද දිව් ද ජරාපත් වන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්