Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 14:5 - Sinhala New Revised Version 2018

5 නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 නුඹලා ද මාගේ කන්දේ මිටියාවත මැදින් බේරී පලා යන්නහු ය. මන්ද, ඒ මිටියාවත කන්දෙන් එහා පැත්ත දක්වා ඇත. ජුදාහි රජ වූ උශ්ශියාගේ කාලයේ දී භූමිකම්පාවක් ඇති වූ විට නුඹලාගේ මුතුන්මිත්තන් පලා ගිය පරිදි නුඹලාත් පලා යන්නහු ය. එවිට මාගේ දෙවි සමිඳාණන් වහන්සේ සියලු ශුද්ධවන්තයන් පිරිවරා වඩින සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 නුඹලාද මාගේ කඳුවල මිටියාවතින් පලායනවා ඇත; මක්නිසාද කඳුවල මිටියාවත ආශෙල් දක්වා වන්නේය. එසේ යූදාහි රජවූ උස්සියාගේ දවස්වලදී නුඹලා පොළෝකම්පාව ඉදිරියෙන් පලාගියාක්මෙන් නුඹලා පලායනවා ඇත. මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේද ඔබ සමග සියලු ශුද්ධවන්තයන්ද එනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 14:5
30 හුවමාරු යොමු  

මේ වනාහි තෙකෝවා ගම්වැසි එඬේරුන්ගෙන් කෙනෙකු වූ ආමොස් ඉශ්රායෙල් දේශය සම්බන්ධයෙන් දුටු දර්ශන පිළිබඳ පැවසූ වචන වේ. මේ දර්ශන ඔහු දුටුවේ, උශ්ශියා ජුදාහි ද ජෝවාෂ්ගේ පුත් ජෙරොබෝවම් ඉශ්රායෙල්හි ද රජ ව සිටි කාලයේ දී, භූමිකම්පාවට දෙවසරකට පෙර ය.


“මනුෂ්‍ය-පුත්‍රයාණන් සියලු දේව දූතයන් පිරිවරාගෙන තේජශ්‍රීයෙන් පැමිණෙන කල, එතුමාණෝ තමන්ගේ මහිමාන්විත සිංහාසනයේ වැඩහිඳින සේක.


මනුෂ්‍ය-පුත්‍රයාණෝ සිය පියාණන්ගේ තේජශ්‍රීයෙන් තම දූතයන් පිරිවරා වඩින සේක. එකල උන් වහන්සේ එකිනෙකාට තම තමන්ගේ ක්‍රියා අනුව පල විපාක දෙන සේක.


අපගේ ස්වාමීන් වන ජේසුස් වහන්සේ සිය සැදැහැවතුන් සමඟ වඩින විට, ඔබගේ සිත් අපගේ දෙවි පියාණන් වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ව ද, නිදොස් ව ද තිබෙන ලෙස ශක්තිමත් කරන සේක් වා!


සව් බලැති සමිඳාණෝ ගර්ජනාවෙන් ද මහත් ශබ්දයකින් ද සුළි සුළඟකින් ද කුණාටුවකින් ද විනාශකාරී ගින්නකින් ද ප්‍රකාශ වන සේක.


එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.


ඒ ඇසිල්ලෙහි ම මහා භූමිකම්පාවක් ඇති විය. නුවරෙන් දසයෙන් කොටසක් බිඳ වැටිණි. භූමිකම්පාවෙන් මනුෂ්‍යයෝ සත් දහසක් මළහ. ඉතිරි අය බියෙන් ඇලළී ස්වර්ගයේ දෙවියන් වහන්සේට ගෞරවය පිරිනැමූ හ.


එවිට නොපනත්කමේ මනුෂ්‍යයා එළිදරව් වේ. ජේසුස් ස්වාමීන් වහන්සේ ස්වකීය මුඛයේ හුස්මෙන් ඔහු නසා, උන් වහන්සේගේ ආගමනයේ තේජශ්‍රීයෙන් ඔහු වනසා ලන සේක.


සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”


“සමිඳාණෝ සීනයි කන්දේ සිට වැඩිය සේක. සේයිර් පෙදෙසේ සිට ඔවුන්ට උදා වූ සේක. පාරාන් කන්දේ සිට බැබළුණු සේක. දස දහසක් දේව දූතයන් ඇති ව පැමිණි සේක. දකුණත ගිනි දැල්ලක් සමඟ වැඩිය සේක.


තවද, විශාල ධවල සිංහාසනයක් ද, එහි වැඩහුන් තැනැන් වහන්සේ ද දිටිමි. උන් වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලා ගියේ ය. ඒවායේ ලකුණක් වත් ඉතිරි නො වී ය.


එසේ ම ඔබ ද ඉවසිල්ලෙන් සිටින්න; සමිඳාණන් වහන්සේගේ ආගමනය දැන් ළං ව ඇති බැවින් ඔබේ සිත් තිරසර ව තබාගන්න.


එකල මනුෂ්‍ය-පුත්‍රයාණන් බලපරාක්‍රමයෙන් ද මහා තේජශ්‍රීයෙන් ද වලාකුළක් මත වඩිනු ඔව්හු දකින්නෝ ය.


උන් වහන්සේ ඔලීව කන්දේ වැඩසිටි කල ශ්‍රාවකයෝ උන් වහන්සේ වෙත අවුත්, පෞද්ගලික ලෙස කතා කර, “ඒ දේ සිදුවන්නේ කවදා ද? ඔබේ පුනරාගමනය හා කල්පාන්තය පිළිබඳ පෙර ලකුණු මොනවා ද කියා අපට කිව මැනව”යි කී හ.


මන්ද, සමිඳාණෝ මිහිතලය පාලනය කරන පිණිස වඩින සේක; එතුමාණෝ ලෝ වැසියන් ධර්මිෂ්ඨකමින් ද සාධාරණකමින් ද පාලනය කරන සේක.


ඔවුන්ගේ මොරගැසීම ඇසූ, අවට සිටි ඉශ්රායෙල් ජනයා, “මෙහි සිටියොත් පොළොව අප ද ගිලගන්නට පුළුවනැ”යි කියමින් එතැනින් පැන ගියහ.


එම්බා අවටින් සිටින සකල ජනයෙනි! කඩිනමින් පැමිණෙන්න; එහි රැස් වන්න.” සමිඳුනි, ඔබේ බලවත් සේනාවන් එවන්න.


විශාල කන්දක් වුවත් නුඹ ඉදිරියේ සමතලා වන්නේ ය. දේව මාලිගාව නැවත ගොඩනඟා, ‘කදිම ය, කදිම ය’ කියා කෑගසන අතර එහි මුල් ගල නුඹ තබන්නෙහි ය.”


ෂාපීර්හි වැසියෙනි, නග්න ව, ලජ්ජාවෙන් මඟ යන්න. ශයනාන්හි වැසියෝ පිටතට නොඑති. බෙත්-ඒශෙල්හි වැලපීම නිසා එහි පිහිට නුඹලාගෙන් පහවන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්