Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 14:17 - Sinhala New Revised Version 2018

17 යම් දේශයක සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේට රජාණන් වශයෙන් නමස්කාර කරන්න ජෙරුසලමට නොයන්නෝ නම්, ඒ දේශය පිට වැසි නොවසින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 යම් දේශයක සෙනඟ සියලු බලැති සමිඳාණන් වහන්සේට රජාණන් වශයෙන් නමස්කාර කරන්න ජෙරුසලමට නොයන්නෝ නම්, ඒ දේශය පිට වැසි නොවසින්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 රජවූ සේනාවල ස්වාමීන්වහන්සේට නමස්කාරකරන පිණිස පොළොවේ වර්ගයන්ගෙන් යෙරුසලමට නේන අයට වැසිවසින්නේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 14:17
27 හුවමාරු යොමු  

දේශයට වැසි නොලැබුණ නිසා බිම වියළී තිබෙන බැවින් ගොවියෝ කැළඹී දුකින් තමන්ගේ මුහුණු සඟවාගනිති.


ඔබ වහන්සේට සේවය නොකරන ජාතීන් ද රාජ්‍යය ද වැනසෙන්නේ ය. එසේ ම ඒ ජාතීහු සහමුලින් ම විනාශ වන්නෝ ය.


තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.


දිවැසිවර එලියා අප හා සමාන ගති ඇති මනුෂ්‍යයෙකු වුව ද, වැසි නොවසින පිණිස ඔහු උනන්දුවෙන් යාච්ඤා කෙළේ ය. එවිට තුන් අවුරුදු සමසක් රටට වැසි නොවැස්සේ ය.


ඔබ එසේ නොකළොත්, ඔබට විරුද්ධ ව සමිඳාණන් වහන්සේගේ උදහස ඇවිලෙනු ඇත. වැසි නොවස්නා පිණිස ද, පොළොවෙන් පලදාව ඇති නොවන පිණිස ද උන් වහන්සේ අහසේ වැහි කවුළු වසා දමන සේක. එවිට උන් වහන්සේ ඔබට දෙන සාර භූමියෙහි ඔබ විගස මියයනු ඇත.


ජෙරුසලමට විරුද්ධ ව සටන් කරන සියලු ජාතීන්ගෙන් ඉතිරි ව සිටින සියලු දෙනා සියලු බලැති දෙවියන් වහන්සේට රාජයාණන් වශයෙන් ම නමස්කාර කරන පිණිසත්, කූඩාරම් මංගල්‍යය පවත්වන පිණිසත් වසරක් පාසා වසරක් ජෙරුසලමට පැමිණෙන්නෝ ය.


ලොවේ සියලු වංශවලින් මා මැනවින් දැනහැඳිනගෙන ඇත්තේ නුඹ පමණකි. ඒ නිසා නුඹලා කර ඇති සියලු පාපවලට මම දඬුවම් දෙමි.”


වැසි වස්වන්නට හැකි කෙනෙක් විජාතීන්ගේ බොරු දෙවිවරුන් අතරේ සිටිත් ද? වැහිවලා දෙන්නට අහසට පුළුවන් ද? නොහැකි ය. අපේ දෙවි ස්වාමීන් වහන්සේ ඔබ නොවන සේක් ද? මේ දේ කළ හැක්කේ ඔබට පමණක් බැවින් අපි ඔබ කෙරෙහි බලාපොරොත්තු ව සිටිමු.”


“ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින්, අහස පිය වී වර්ෂාව නැති ව ගොස්, ඔබ ඔවුන්ට මෙසේ දඬුවම් කරන කල, ඔව්හු මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට, ඔබේ නාමය ප්‍රකාශ කර, තමන්ගේ පාපය අත්හරින්නෝ නම්, ඔබ ස්වර්ගයෙහි සිට අසා,


ගිලියද්හි විසූවන්ගෙන් කෙනෙකු වන තිෂ්බි නම් ස්ථානයෙන් වූ එලියා, ආහබ්ට කතා කොට, “මාගේ අණ ප්‍රකාර මිස මේ අවුරුදුවල පිනි වත්, වැසි වත් ඇති නොවන්නේ යයි මා වැඳුම්පිදුම් කරන ඉශ්රායෙල්වරුන්ගේ ජීවමාන දෙවි සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරමි”යි කීවේ ය.


තවද, නුඹේ පෙළපත පොළොවේ දූවිලි මෙන් වැඩි වී, උතුරු, දකුණු, බටහිර, නැගෙනහිර දිශාවල පැතිර යන්නේ ය. මිහි පිට සියලු ජාතීහු නුඹ හා නුඹේ පෙළපත මඟින් තමන් ආශීර්වාද කරගන්නෝ ය.


නුඹට ආසිරි පතන අයට මමත් ආසිරි පතමි. නුඹට දෙස් තබන අයට මමත් දෙස් තබමි. නුඹ මගෙන් ආසිරි ලත් අයුරින් මිහි මත සව් සත ආසිරි ලබනු ඇතැ”යි වදාළ සේක.


විවිධාකාර පරම්පරාවලට හා ජාතීන්ට අයත් මොවුහු නෝවාගේ පෙළපතින් පැවතෙන ගෝත්‍රයෝ ය. මහා ජලගැල්මෙන් පසු පොළෝ තලයෙහි සියලු ජාතීහු මොවුන්ගෙන් පැවත එන්නෝ වෙති.


ඔබ නොපිළිගන්න ජාතීන් කෙරෙහි ද ඔබට යාච්ඤා නොකරන මිනිසුන් කෙරෙහි ද ඔබේ කෝපය වැගිරෙවුව මැනව. මන්ද, ඔව්හු ජාකොබ්ගේ වංශය මරාදැමූ හ; ඔවුන් සහමුලින් ම විනාශ කළහ. ඔවුන්ගේ දේශය නැතිනාස්ති කළහ.”


මාගේ මුවින් ගිලිහෙන කිසිදු වචනයක් වෙනස් නොවේ; එය සත්‍යයකි. ‘සියලු දණ හිස් මට නැමෙන බව, සියලු දිව් මා ගැන දිවුරන බව සහතික ලෙස දිවුරා කියමි.’


එය පාළු වන්න හරින්නෙමි. මා එහි අතු පාහින්නේ වත්, පස් බුරුල් කරන්නේ වත් නැත. එහි කටු ගස් හා ගොකටු හටගන්න හැරදමන්නෙමි. එහි වැසි නොවසින පිණිස වලාකුළුවලට මම අණ කරන්නෙමි.”


වැසි නොවසින ලෙස මම අහස වසාලන්නෙම් නම්, නොහොත් රට පාළු කිරීමට පළඟැටියන්ට අණ කරන්නෙම් නම්, නොහොත් මාගේ සෙනඟ අතරට වසංගතය එවන්නෙම් නම්,


“ඔවුන් ඔබට විරුද්ධ ව පව් කළ බැවින් අහස පිය වී වර්ෂාව නැති වී යන විට, ඔබ මෙසේ ඔවුන්ට දඬුවම් කරන හෙයින් ඔවුන් මේ ස්ථානය දෙසට හැරී යාච්ඤා කොට ඔබේ නාමය ප්‍රකාශ කර තමන්ගේ පාපය අත් හැරියොත්,


නයිල් ගඟේ අතුවලින් බෙදී ගිය රටේ පිහිටි උස් වූ සිනිඳු වූ හමක් ඇති, ලෝකයේ සියලු දෙනා භීතියට පත් කර ඇති මේ ශක්තිමත් බලසම්පන්න ජාතියෙන් සව් බලැති සමිඳුන් පුද පූජා ලබන කාලයක් පැමිණෙන්නේ ය. සව් බලැති දෙවිඳුන් නමස්කාර කරනු ලබන සියොන් කන්ද වෙත ඔව්හු පැමිණෙන්නෝ ය.


ඔවුන්ගේ උත්තමයෝ වතුර ගෙනෙන පිණිස සිය සේවකයන් යවති. ඔව්හු ළිං ළඟට ගොස් වතුර නොලැබ, හිස් භාජන ඇති ව ආපසු හැරී එති. ඔව්හු වියවුලටත්, ලජ්ජාවටත් පැමිණ තමන්ගේ මුහුණු වසා සඟවාගනිති.


එකල සමිඳාණන් වහන්සේ මුළු ලෝකයේ රාජයාණෝ වන සේක. සියලු දෙන උන් වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදිනු ඇත. එක ම නමකින් උන් වහන්සේ හඳුන්වනු ලබන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්