Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




සෙකරියා 11:5 - Sinhala New Revised Version 2018

5 ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නමුත්, ඔව්හු දඬුවම් නොලබන්නෝ ය. ඔවුන් විකුණන අය, ‘සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! අපි දැන් පො‍හොසත් ය’යි කියති. ඔවුන්ගේ ම එඬේරු වුව ද ඔවුන්ට අනුකම්පා නොකරති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නමුත්, ඔව්හු දඬුවම් නොලබන්නෝ ය. ඔවුන් විකුණන අය, ‘සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! අපි දැන් පො‍හොසත් ය’යි කියති. ඔවුන්ගේ ම එඬේරු වුව ද ඔවුන්ට අනුකම්පා නොකරති.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 ඔවුන් මිලේට ගන්න අය ඔවුන් මරන නුමුත් වරදට පත් නොවී සිටිති; උන් විකුණන්නෝද කථාකොට–ස්වාමීන්වහන්සේට ස්තුතිවේවා, මම පොහොසත්යයි කියති. ඔවුන්ගේ එඬේරුද උන්ට කරුණා නොකරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




සෙකරියා 11:5
27 හුවමාරු යොමු  

ඔවුන්ට මුණගැසුණු සියල්ලෝ ම ඔවුන් ගොදුරු කොට ගත්තෝ ය. ඔවුන්ගේ එදිරිකාරයෝ කතා කොට, ‘ඔව්හු තමන්ගේ සරණය වන සමිඳාණන් වහන්සේට, එනම්, තමන්ගේ පියවරුන්ගේ බලාපොරොත්තුව වූ සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළෝ ය. අපි වැරදිකාරයෝ නොවමු’යි කීවෝ ය.


එසේ වුව ද, “අපි ධනවත් ය; වස්තු සම්භාර රැස් කරගෙන සිටිමු; ‘වංචාවෙන් ඔව්හු පොහොසත් වූ හ’යි අපට චෝදනා කරන්නට කිසිවෙකුට බැරි ය”යි එප්‍රායිම් සෙනඟ කියති.


ඔවුන්ගේ තණ්හාව නිසා ඔව්හු වංචනික ඉගැන්වීම්වලින්, ඔබ වෙළඳ බඩු බවට පත් කරගන්නෝ ය. ඔවුන්ගේ විනිශ්චය පුරාණයේ සිට ම පැවත එයි. එය අවලංගු වී නැත. ඔවුන්ගේ විනාශකයා නොනිඳා සිටියි.


ඔවුන් ධර්මශාලාවලින් ඔබ නෙරපාදමනු ඇත. එපමණක් නොව, ඔබ මරණයට පත් කරන අය, එය තමන් විසින් දෙවියන් වහන්සේට කරන පූජාවකැ යි සිතන කාලයක් පැමිණෙන්නේ ය.


“විනයධරයෙනි, පරිසිවරුනි, කෛරාටිකයන් වූ ඔබට වන විපතක මහත! මන්ද, ඔබ මිනිසුන්ගේ ඇස් හමුයෙහි ස්වර්ග රාජ්‍යයේ දොරටු වසන්නහු ය; ඔබ ම ඇතුළු වන්නේ වත්, ඇතුළුවන්න සොයන අයට ඉඩ දෙන්නේ වත් නැත.


දුර්වල වූ සියල්ලන් විසුරුවාදමන තුරු නුඹලා ඇලපෙතන් ද උරහිසෙන් ද තල්ලු කර, නුඹලාගේ අංවලින් උන්ට අනින බැවින්,


මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක. බලන්න, මම එඬේරුන්ට විරුද්ධ ව සිට මාගේ බැටළුවන් ඔවුන් අතින් ආපසු ගන්නෙමි. ඒ එඬේරුන් බැටළුවන් රැකබලාගැනීමෙන් මම අස් කරන්නෙමි. තවත් තමන් ම පෝෂණය කරගන්න එඬේරුන්ට ඉඩ නොදෙමි. මාගේ බැටළුවන් ඔවුන්ට ගොදුරු නොවන ලෙස මම ඔවුන්ගේ කටින් උන් ගළවා ගන්නෙමි.”


මාගේ බැටළුවෝ සියලු කඳුවල ද උස් වූ සියලු හෙල් පිට ද මුළා ව ගියහ. එසේ ය, මුළු පොළෝ තලයෙහි මාගේ බැටළුවෝ විසිරී ගියහ. උන් සොයන්න හෝ බලන්න හෝ කිසිවෙක් නොවූ හ.


එම්බා ඉශ්රායෙලය! නුඹ මට පමණක් අයිති ව සිටියෙහි ය. නුඹ මට අස්වැන්නේ නාඹුල් ඵලය මෙන් විය. එයින් කෑ සියල්ලෝ වරදකරුවෝ වූ හ. ඒ නිසා ඔව්හු විපතට පත් වූ හ. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


“අන්‍ය ජාතීන්ට විකුණනු ලැබූ ජුදෙව්වරුන් වන අපේ සහෝදරයන් අපේ පුළුවන්කමේ හැටියට අපි මිල දී මුදා ගත්තෙමු. එහෙත් දැන් ඔබ, ඔබේ ම සහෝදරයන් විකුණන්නහු ය. ඔවුන් මිල දී මුදා ගැනීමට අපට සිදු වනු ඇතැ”යි කීවෙමි. එවිට ඔව්හු වචනයක් වත් කියා ගත නොහැකි ව නිශ්ශබ්ද වී සිටියෝ ය.


දිවැසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගෙන් එක්තරා ස්ත්‍රියක් එලිෂාට මොරගසා, “ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මළේ ය. ඔබේ මෙහෙකරුවා සමිඳාණන් වහන්සේ කෙරෙහි ගරුබිය ඇති ව සිටි බව දන්නෙහි ය. ණය හිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටී ය”යි කීවා ය.


කුරුඳු, කුළු බඩු, සුගන්ධ ද්‍රව්‍ය, සුගන්ධ රස, තුවරලා, මුද්‍රික පානය, තෙල්, සිහින් පිටි, ධාන්‍ය, මහිෂයන්, බැටළුවන්, අසුන් සහ රථ, වහලුන් හා මිනිස් ජීවිත යන මේවා ය.


ජේසුස් වහන්සේ කතා කරමින්, “ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ.


‘මම ධනවත් ය, මට මහත් සම්පත් ඇත. මට කිසි හිඟයක් නැතැ’යි ඔබ කියන්නහු ය. එහෙත්, ඔබ කාලකණ්ණියෙකි, දුඃඛිතයෙකි, දිළින්දෙකි, අන්ධයෙකි, නග්නය, මේ කිසිවක් ඔබ නොදන්නහු ය.


මිසර දේශයෙන් ගෙනා දා සිට නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මම ය. පාළුකරයේ දී මෙන් නුඹලා කූඩාරම්වල ජීවත් වුණා සේ ම ඉදිරියටත් නුඹලා කූඩාරම්වල වාසය කරවන්නෙමි.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඉශ්රායෙල් වැසියන් අපරාධ පිට අපරාධ කර ඇත. මම ඔවුන්ට සත්තකින් ම දඬුවම් කරමි. ඔව්හු ණය ගෙවාගන්නට බැරි නිදොස් අය මුදලටත්, දුප්පත් අසරණයන් සෙරෙප්පු දෙකක මිලයට වහල්කමටත් වික්කෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්