සෙකරියා 1:4 - Sinhala New Revised Version 20184 නුඹලාගේ මුතුන්මිත්තන්ට සමාන නොවන්න. පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතා, ‘නුඹලාගේ නපුරු මාර්ගවලින් ද නපුරු ක්‍රියාවලින් ද හැරෙන්නැ’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේකැ’යි ඔවුන්ට මොරගැසූ හ. ඔවුන් එයට සවන් දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version4 නුඹලාගේ මුතුන්මිත්තන්ට සමාන නොවන්න. පෙර සිටි දිවැසිවරු ඔවුන් අමතා, ‘නුඹලාගේ නපුරු මාර්ගවලින් ද නපුරු ක්‍රියාවලින් ද හැරෙන්නැ’යි සියලු බලැති සමිඳාණන් වහන්සේ කියන සේකැ’යි ඔවුන්ට මොරගැසූ හ. ඔවුන් එයට සවන් දුන්නේ වත්, ඒ ගැන සැලකුවේ වත් නැත. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 නුඹලාගේ පියවරුන්ට සමාන නොවෙන්න, පළමු අනාගතවක්තෘවරුන්: නුඹලාගේ නපුරු මාර්ගවලින්ද නපුරු ක්‍රියාවලින්ද හැරෙන්නැයි සේනාවල ස්වාමීන්වහන්සේ කියනසේක කියා ඔවුන්ට මොරගැසූ නුමුත්, ඔවුන් ඇසුවේවත් මට ඇහුම්කන්දුන්නේවත් නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක. පරිච්ඡේදය බලන්න |
මාගේ සියලු සේවක දිවැසිවරුන් නොකඩවා නුඹලා ළඟට ගොස් මෙසේ ප්‍රකාශ කිරීමට නැවත නැවත එවීමි. ‘නුඹලා එකිනෙකා තම තමාගේ පාප මාර්ගයෙන් හැරී එන්න; නුඹලාගේ ක්‍රියා මාර්ගය හැඩගස්වා ගන්න; අන් දෙවිවරුන්ට සේවය කරන්නට ඔවුන් පස්සේ නොයන්න; එවිට නුඹලාටත්, නුඹලාගේ පියවරුන්ටත් මා විසින් දෙන ලද දේශයෙහි නුඹලා වාසය කරන්නහු ය’යි කීවෙමි. එහෙත්, නුඹලා කන්යොමු කර සවන් නුදුන්නහු ය; කී දේ සිතට ගත්තේ නැත.
මෙසේ පණිවුඩකාරයෝ රජුගෙන් ද ඔහුගේ අධිපතීන්ගෙන් ද ලැබූ ලියුම් රැගෙන, රජුගේ ආඥාවේ ප්‍රකාරයට ඉශ්රායෙල් රට ද ජුදා දේශය ද මුළුල්ලෙහි ගොස් කතා කොට, “ඉශ්රායෙල් ජනයෙනි, ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි සමිඳාණන් වහන්සේ වෙත හැරී එන්න. එවිට අසිරියාවෙහි රජුන්ගේ අතින් ගැළවී ඉතුරු ව සිටින ඔබ වෙත උන් වහන්සේ හැරෙනු ඇත.