Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ශෙපනියා 2:1 - Sinhala New Revised Version 2018

1 ලජ්ජා නැති ජාතිය, එකතු වී රැස්වීමක් පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 ලජ්ජා නැති ජාතිය, එකතු වී රැස්වීමක් පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 එම්බා ලජ්ජා නැති ජාතිය, නියමය ඉෂ්ටවෙන්ට පළමුවෙන්ද, දවස බොල් මෙන් පහවී ගොස් ස්වාමීන්වහන්සේගේ බලවත් උදහස නුඹලා පිටට පැමිණෙන්ට පළමුවෙන්ද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ශෙපනියා 2:1
15 හුවමාරු යොමු  

උපවාසයක් නියම කරන්න; අයැදුමට සෙනඟ රැස් කරන්න. ප්‍රජා මූලිකයන් සහ රටේ සියලු වැසියන් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවට රැස් කරවා උන් වහන්සේට මොරගසන්න.


සමිඳාණන් වහන්සේගෙන් පිහිට ඉල්ලන පිණිස ජුදාවරු රැස් වූවෝ ය. ජුදාහි සියලු නගරවලින් ඔව්හු සමිඳාණන් වහන්සේට යැදීමට ආවෝ ය.


තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ.


හත් වන මස පළමු වන දවස පැමිණි කල ඉශ්රායෙල් සෙනඟ තමන්ගේ නගරවල සිටියෝ ය. මුළු සෙනඟ ද එක් කෙනෙකු මෙන් වතුර දොරටුව ඉදිරිපිට චතුරශ්‍රයෙහි රැස් වූ හ. එවිට ඔව්හු සමිඳාණන් වහන්සේ විසින් ඉශ්රායෙල්වරුන්ට අණ කරන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථා පොත ගෙනෙන්නට නීතිවේදියා සහ පූජකයා වන එස්රාට කී හ.


මන්ද, යම් තැනක දෙදෙනෙක් හෝ තුන්දෙනෙක් හෝ මාගේ නාමයෙන් රැස් ව සිටිත් ද එතැන ඔවුන් මැද මමත් වැඩ සිටිමි.”


මට ද්වේෂ කළ එඬේරුන් තිදෙනෙකු ගැන මට ඉවසාගත නොහැකි ව එක මාසයක් ඇතුළත දී ඔවුන් නැසුවෙමි.


ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


වැහිවලා වළක්වනු ලැබුවේත්, වසන්ත කාලයේ වැසි නොවැස්සේත් ඒ නිසා ය. වේශ්‍යාවකගේ පෙනුම නුඹට ඇත; එහෙත්, නුඹට කිසි ලජ්ජාවක් නැත.


ඈ තුළ වැඩ සිටින සමිඳාණන් වහන්සේ ධර්මිෂ්ඨ ය. උන් වහන්සේ කිසි කලෙක වැරදි දේ නොකරන සේක. උදයක් උදයක් පාසා නොවරදවා ම උන් වහන්සේ සෙනඟ වෙත යුක්තිය ගෙන එන සේක. එහෙත්, අදමිටු අය විලි ලජ්ජා නැති ව අයුතු දේ ම කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්