Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 9:56 - Sinhala New Revised Version 2018

56 ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

56 ඉන්පසු ඔව්හු අන් ගමකට ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

56 ඔවුහු වෙනත් ගමකට පිය නැඟූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

56 එවිට ඔව්හු වෙන ගමකට ගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 9:56
16 හුවමාරු යොමු  

නපුරෙන් පරාජය නොවී, යහපතින් නපුර පරාජය කරන්න.


මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ සේවය ලබන්න නොව, සේවය කරන්නටත්, බොහෝ දෙනෙකුගේ මිදීම උදෙසා සිය දිවි පිදීමටත් ය.”


දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.


සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.


මනුෂ්‍ය-පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගළවාගන්නට ද වැඩම කළ සේකැ”යි වදාළ සේක.


“මේ බාලයන්ගෙන් එකෙකු වත් හෙළා නොදැකීමට වගබලාගන්න. මන්ද, ‘ස්වර්ගයෙහි ඔවුන්ගේ දේව දූතයෝ ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ඉදිරියෙහි නිරතුරු ම සිටිති’යි මම ඔබට කියමි.


පව්කාරයන් ගළවන්නට ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ලෝකයට වැඩිය සේක යන කීම විශ්වාසකටයුතු, සියල්ලන් විසින් පිළිගත යුතු කියමනකි. ඔවුන් අතරෙන් ප්‍රධාන පව්කාරයා මම ය.


තවද, යමෙක් මාගේ වචන අසා ඒවා නොපිළිපදින්නේ නම්, මම ඔහු විනිශ්චය නොකරමි. මා ආවේ ලෝකය ගළවන්ට මිස විනිශ්චය කරන්නට නොවේ.


ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ.


එහෙත් ජේසුස් වහන්සේ, “ඔය ඇති, නවතින්න,” කියා ඔහුගේ කන අතගා සුව කළ සේක.


එහෙත්, මම ඔබට කියමි, එදිරිකාරයාට විරුද්ධ ව එකට එක නොකරන්න. යමෙකු ඔබේ දකුණු කම්මුලට ගැසුවොත්, ඔහුට අනික් කම්මුල ද හරවන්න.


උන් වහන්සේ හැරී ඔවුන්ට තරවටු කළ සේක.


ඔවුන් මඟ බැස යද්දී එක් මිනිසෙක්, “ඔබ වහන්සේ යන ඕනෑ ම තැනකට වුව ද මමත් ඔබ අනුව එන්නෙමි”යි කී ය.


මනුෂ්‍ය-පුත්‍රයාණන් වැඩියේ, නැති වූවන් ගළවා ගන්නා පිණිස ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්