Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 6:39 - Sinhala New Revised Version 2018

39 තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: “අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 තවද, උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක: “අන්ධයෙකුට මඟ පෙන්වීමට අන්ධයෙකුට හැකි ද? ඔවුන් දෙදෙනා ම වළක වැටෙන්නේ නැද් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 උන්වහන්සේ මෙම උපමාව ද ඔවුන්ට පැවසූ සේක: “අන්ධයකුට මගපෙන්නට අන්ධයකුට පුළුවන් ද? ඔවුන් දෙදෙනාම වළක වැටෙනවා නො වේ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 තවද උන්වහන්සේ ඔවුන්ට උපමාවක් කියමින්: අන්ධයෙකුට මගපෙන්වන්ට අන්ධයෙකුට පුළුවන්ද? ඔවුන් දෙදෙනම වළක නොවැටෙන්නෝද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 6:39
14 හුවමාරු යොමු  

පරිසිවරුන්ගෙන් අපට කමක් නැත. ඔව්හු අන්ධයන්ගේ අන්ධ මාර්ගෝපදේශකයෝ ය. අන්ධයෙකු තව අන්ධයෙකුට මඟ පෙන්වන්නට ගියොත්, දෙදෙන ම වළක වැටෙනු ඇතැ”යි වදාළ සේක.


එහෙත් නපුරු මිනිස්සු ප්‍රයෝගයෙන් අනුන් රවටා, තමන් ද රැවටී, වැඩි වැඩියෙන් නරක් වන්නෝ ය.


සෙනඟගේ මුරකාරයන් සියල්ලෝ ම අන්ධ ය. කිසිවක් දන්නේ නැති ඔව්හු බුරන්න බැරි ගොළු බල්ලන් වැනි ය. බල්ලන් මෙන් ලැග හිඳිමින් හීන දකිති. නිදාගන්න ඉතා කැමැති ය.


සෙනඟට මඟපෙන්වන්නන් ඔවුන් නොමඟ යවා වියවුල් කර ඇත.


“සර්පයෙනි, පොළොං වංශයෙනි, ඔබ නිරයේ දඬුවමින් ගැළවෙන්නේ කෙසේ ද?


මාගේ සෙනඟෙනි, මා පිළිකුල් කරන දේ නුඹලා කළ නිසා ලජ්ජා වූවහු ද? නැත. නුඹලා කොහෙත් ම ලජ්ජා වුණේ වත්, නුඹලාට නින්දාව දැනුණේ වත් නැත. ඒ නිසා, නුඹලා වැටෙන්නන් අතරෙහි වැටෙනු ඇත; නුඹලාට දඬුවම් පැමිණෙන කාලයේ දී නුඹලා පැකිළ වැටෙනු ඇත. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.


ඔවුන් කළ පිළිකුල් දේ ගැන ඔව්හු ලජ්ජා වූවෝ ද? නැත. ඔවුන්ට කොහෙත් ම ලජ්ජාවක් හෝ නින්දාවක් හෝ දැනුණේ වත් නැත. එබැවින්, වැටෙන්නන් අතරේ ඔවුන් වැටෙනු ඇත. මා ඔවුන්ට දඬුවම් කරන කාලයෙහි ඔව්හු නැත්තට ම නැති වන්නෝ ය. මෙසේ වදාරන්නේ ස්වාමීන් වන මම ය.”


ඔබ එය අන්ධයන්ට මඟපෙන්වන්නෙකු ද අඳුරෙහි වසන්නවුන්ට ආලෝකයක් ද


උන් වහන්සේ ඔවුන්ට බොහෝ දේ උපමාවලින් පහදා දෙමින්, මෙසේ වදාළ සේක: “බලන්න, වපුරන්නෙක් වපුරන්නට ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්