Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 3:6 - Sinhala New Revised Version 2018

6 සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 සියලු කඳු හා හෙල් සමතලා කරනු ලැබේ; සියලු වංගු ඇද හරිනු ලැබේ; රළු මාවත් මට්ටම් කරනු ලැබේ. දෙවියන් කෙරෙන් වන විමුත් මඟ මනු සත දකිනු ඇතැ යි පාළුකරයෙහි මොරගා කියන හඬෙකි.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 දෙවියන්වහන්සේගේ ගැලවීම මුළු මිනිස් සංහතියම දකිනු ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 යොහන් පව්කමාව පිණිස පසුතැවිල්ලේ බව්තීස්මය දේශනාකරමින්, යොර්දාන් වටකර මුළු පළාතට ආවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 3:6
9 හුවමාරු යොමු  

සමිඳාණෝ ජාතීන් ඉදිරියේ සියොනට ශුද්ධ බලය පෑ සේක. අපේ දෙවිඳුන්ගේ ගැළවීම ලොවේ සීමාන්තයෝ දකිති.


සමිඳුන්ගේ තේජාලංකාරය එවිට එළිදරව් වන්නේ ය. සකල මිනිස් වර්ගයා එය නරඹන්නෝ ය. මෙසේ වදාළේ සමිඳාණෝ ම ය.”


එතුමාණෝ මට මෙසේ වදාළ සේක: “ඉතිරි ව සිටින ඉශ්රායෙල්වරුන් එනම්, ජාකොබ් වංශයේ ජනයා නැඟිටුවා පුනරුත්ථාපනය කිරීමට මාගේ සේවකයා ලෙස නුඹ පත් කිරීම සුළුපටු දෙයක් නොවනු ඇත. එනම්, මුළු ලොව ගළවනු පිණිස සියලු ජාතීන් හට නුඹ ආලෝකයක් වන්න මම සලස්වන්නෙමි.”


එහෙත් ඔව්හු සවන් නුදුන්නාහු දැ යි මම ප්‍රශ්න කරමි. සැබැවින් ම ඔව්හු සවන් දුන්නාහු ය. ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති පරිදි: “දූතයන්ගේ දහම් හඬ පොළොව පුරා පැතිරී ඇත; ඔවුන්ගේ වචන ලෝක සීමා දක්වා විසිරී ඇත.”


ජුදෙව්වා හා ග්‍රීකයා අතර වෙනසක් නැත. එක ම සමිඳාණන් වහන්සේ සියල්ලන්ගේ ම සමිඳාණන් වහන්සේ ය; උන් වහන්සේගේ පිහිට අයැදින සියල්ලන්ට උන් වහන්සේ සියලු යසඉසුරු සලසා දෙන සේක.


උන් වහන්සේ ඔවුන් අමතා, “ලොව පුරා ගොස් සකල මානව සංහතියට සුබ අස්න දේශනා කරන්න;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්