Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 23:21 - Sinhala New Revised Version 2018

21 එහෙත් ඔව්හු, “මොහු කුරුසියෙහි ඇණ ගසන්න! කුරුසියෙහි ඇණ ගසන්න!” කියා මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එහෙත් ඔව්හු, “මොහු කුරුසියෙහි ඇණ ගසන්න! කුරුසියෙහි ඇණ ගසන්න!” කියා මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 එහෙත් ඔවුහු, “කුරුසියේ ඇණ ගසනු! ඔහු කුරුසියේ ඇණ ගසනු!” යි කෑ ගැසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 නුමුත් ඔව්හු: මොහු කුරුසියෙහි ඇණගැසුව මැනව, කුරුසියෙහි ඇණගැසුව මැනව, කියා මොරගැසුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 23:21
7 හුවමාරු යොමු  

“ඔහු මරව, ඔහු මරව, ඔහු කුරුසියේ ඇණ ගසව”යි ඔව්හු මොරගැසූ හ. “ඔබේ රජු කුරුසියේ ඇණ ගසන්නට දැ”යි පිලාත් ඔවුන්ගෙන් ඇසී ය. නායක පූජකයෝ පිළිතුරු දෙමින්, “සීසර් අධිරාජයා හැර අන් රජෙක් අපට නැතැ”යි කී හ.


එහෙත්, උන් වහන්සේ කුරුසියෙහි ඇණ ගසන ලෙස ම ඉල්ලා ඔව්හු වැඩි වැඩියෙන් මොරගැසූ හ. ඔවුන්ගේ උද්ඝෝෂණය සාර්ථක විය.


“කුරුසියෙහි ඇණ ගසන්නැ”යි ඔව්හු යළිත් මොරගැසූ හ.


පිලාත් ජේසුස් වහන්සේ මුදා හැරීමට කැමැති ව නැවතත් ඔවුන්ට කතා කෙළේ ය.


ඔහු තෙ වන වරටත් කතා කොට, “කිමෙ‍ක් ද? මොහු කවර අපරාධයක් කෙළේ ද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තළා මුදා හරිමි”යි කී ය.


උන් වහන්සේ අත මරණයට සුදුසු කිසිවක් සොයා ගත නොහැකි වූ නමුත් උන් වහන්සේ මරණයට පත් කරන ලෙස ඔව්හු පිලාත්ගෙන් ඉල්ලූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්