Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 20:34 - Sinhala New Revised Version 2018

34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “මේ යුගයට අයත් වූවෝ ආවාහ විවාහ වන්නාහු ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ යුගයේ පුත්‍රයෝ ආවාහ කර ගනිති; විවාහ කරදෙති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 යේසුස්වහන්සේද: මේ ලෝකයේ දරුවෝ සරණපාවාගනිති, සරණපාවාදෙනු ලබති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 20:34
7 හුවමාරු යොමු  

ඒ වංචනික ගබඩාකාරයා එතරම් ශූර නුවණින් ක්‍රියා කළ නිසා ඔහුගේ ස්වාමියා ඔහුට ප්‍රශංසා කෙළේ ය. මන්ද, ආලෝකයේ පුත්‍රයන්ට වඩා මේ ලෝකයේ පුත්‍රයෝ, සිය කටයුතු සම්බන්ධයෙන් ශූර නුවණ ඇත්තෝ ය.


නෝවා නැවට පිවිසුණු දිනය දක්වා මිනිස්සු කමින්, බොමින්, ආවාහ විවාහ වෙමින් කල් යැවූ හ. එවිට ජල ගැල්ම පැමිණ ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.


විවාහය සියල්ලන් අතර ගෞරවණීය ව ද විවාහ බැම්ම නොකැළැල් ව ද පවතී වා. මන්ද, අවකල්ක්‍රියා කරන්නන් ද කාමමිථ්‍යාචාරිකයන් ද දේව විනිශ්චයට ලක් වනු ඇත.


මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. ඒ දෙදෙන එක් කෙනෙක් වන්නෝ ය.


යමෙක් මනුෂ්‍ය-පුත්‍රයාණන්ට විරුද්ධ ව වචනයක් කියන්නේ ද, එය ඔහුට කමා කරනු ලබන්නේ ය. එහෙත්, යමෙක් ශුද්ධාත්මයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ද, එය ඔහුට මේ යුගයේ දී වත්, එන යුගයේ දී වත් කමා කරනු නොලබන්නේ ය.”


සත් දෙනාම ඈ පාවාගත් බැවින්, පුනරුජ්ජීවනයේ දී ඈ ඔවුන්ගෙන් කවරකුගේ භාර්යාව වන්නී දැ”යි ඇසූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්