Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 2:12 - Sinhala New Revised Version 2018

12 රෙදිවලින් ඔතා ගව ඔරුවක සතප්වා සිටින බිළිඳෙක් ඔබට සම්බ වන්නේ ය. එය ඔබට සලකුණ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 රෙදිවලින් ඔතා ගව ඔරුවක බාවා සිටින බිළිඳෙක් ඔබට සම්බ වන්නේ ය. එය ඔබට සලකුණ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 රෙදිවලින් ඔතා, ගව ඔරුවක බාවා සිටින බිළිඳකු ඔබට හමුවනු ඇත; එය ඔබට ලකුණකි” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 රෙදිවලින් ඔතා ගවයන් කන ඔරුවක බාවා ඉන්න ළදරුවෙක් නුඹලාට සම්බවන්නේය; මේක නුඹලාට ලකුණයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 2:12
11 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ම නුඹලාට ලකුණක් දෙන සේක. බලන්න, කන්‍යාවක් පිළිසිඳගෙන පුත්‍රයෙකු බිහි කරන්නී ය; එම්මානුවෙල් යන නම ඔහුට තබන්නී ය.


“නුඹට ලකුණක් දෙන ලෙස නුඹේ දෙවි සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලන්න; ගැඹුරු පාතාලයෙන් හෝ ඉහළ අහසෙන් හෝ එය පැමිණෙන ලෙස ඉල්ලන්නැ”යි වදාළ සේක.


අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති.


හෙසකියා යෙසායාට කතා කොට, “සමිඳාණන් වහන්සේ මා සුවපත් කරන බවටත්, තුන් වන දා මා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට යන බවටත් ලකුණ කිමෙක් දැ”යි ඇසී ය.


“මෙය නුඹට ලකුණක් වන්නේ ය. එනම්, මේ අවුරුද්දේ ඉබේ ම හටගන්න ධාන්‍ය සහ දෙ වන අවුරුද්දේ එයින් හටගන්න ඒවාත් නුඹලා කනු ඇත. තුන් වන අවුරුද්දේ නුඹලා අස්වැන්න වපුරා කපාගන්න. මිදි වතුත් වවා ඒවායේ පල කන්න.


නුඹේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් එක දවසේ මැරුණ විට, මා කියන දේ සැබෑ බවට එය ලකුණක් වන්නේ ය.


දෙවියන් වහන්සේ උත්තර දෙමින්, “මම නුඹ සමඟ සිටිමි. මා නුඹ එවූ බව දැනගැනීමට නුඹට දෙන ලකුණ මෙය වේ: එනම්, නුඹ සෙනඟ මිසරයෙන් පිටතට ගෙනා විට, මේ කන්ද මත නුඹලා දෙවියන් වහන්සේ වන මා හට වැඳුම්පිදුම් කරන්නහු ය”යි වදාළ සේක.


ඈ කුලුඳුල් පුත්‍රයා බිහි කොට රෙදිවලින් ඔතා, නවාතැන්ගෙයි ඉඩකඩ නොතිබුණු බැවින්, ගව ඔරුවක බෑවුවා ය.


ඒ ඇසිල්ලෙහි ම දේව දූතයා සමඟ ස්වර්ග සේනා සමූහයක් දෙවියන් වහන්සේ පසසමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්