Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 19:47 - Sinhala New Revised Version 2018

47 උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

47 උන් වහන්සේ දිනපතා දේව මාලිගාවෙහි ඉගැන්වූ සේක. එහෙත්, නායක පූජකයෝ ද විනයධරයෝ ද ප්‍රභූවරයෝ ද උන් වහන්සේ නසාලීමට උපක්‍රම සෙවූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

47 දිනපතා උන්වහන්සේ දේව මාලිගයේ ඉගැන්වූ සේක. එහෙත් නායක පූජකවරු, දහම් පඬිවරු, හා ජන ප්‍රධානීහු උන්වහන්සේ මරා දැමීමට සෙවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 උන්වහන්සේ දවස්පතා දේවමාළිගාවේ ඉගැන්වූසේක. නුමුත් නායක පූජකයෝද ලියන්නෝද සෙනඟගේ ප්‍රධානීහුද උන්වහන්සේ නසන්ට සෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 19:47
17 හුවමාරු යොමු  

නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ.


ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත.


ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි.


නැවතත් ඔව්හු උන් වහන්සේ අල්ලාගන්නට උත්සාහ කළහ. එහෙත් උන් වහන්සේ ඔවුන් අතින් මිදී ගිය සේක.


ඔවුන් අතරෙන් සමහරෙක් උන් වහන්සේ අල්ලාගන්නට සිතූ හ. එහෙත්, කිසිවෙක් උන් වහන්සේ පිට අත නොතැබූ හ.


“මෝසෙස් ඔබට ව්‍යවස්ථාවලිය දුන්නා නොවේ ද? එහෙත් ඔබගෙන් කිසිවෙක් ව්‍යවස්ථාවලිය නොපිළිපදිති. ඔබ මා මරන්නට සොයන්නේ මන්දැ”යි ඇසූ සේක.


පාස්කුවට ද නුමුහුන් පූප මංගල්‍යයට ද ඇත්තේ තව දෙදවසකි. නායක පූජකවරු ද විනයධරයෝ ද උන් වහන්සේ අල්ලා මැරීමට කපටි උපායක් සෙවූ හ.


මේ උපමාව තමන්ට විරුද්ධ ව එල්ල කළ බව තේරුම්ගත් ඔව්හු උන් වහන්සේ අල්ලන්නට තැත් කළහ. එහෙත්, ජනකායට බිය වූයෙන් ඔව්හු උන් වහන්සේ අත්හැර යන්න ගියහ.


උන් වහන්සේ දේව මාලිගාවට ඇතුළු ව උගන්වමින් සිටිය දී නායක පූජකවරු ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙතට අවුත්, “ඔබ මේ දේ කරන්නේ කුමන අධිකාරි බලයකින් ද? මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි ප්‍රශ්න කළහ.


මම දිනපතා ම දේව මාලිගාවෙහි අනුශාසනා කරමින් ඔබ සමඟ සිටියෙමි; එහෙත් ඔබ මා අල්ලා නොගත්තහු ය; මෙසේ වන්නේ ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති දේ සම්පූර්ණ වන පිණිස ය”යි වදාළ සේක.


මුළු ජනතාව උන් වහන්සේගේ ඉගැන්වීම්වලට සතුටින් සවන් දුන් බැවින්, උන් වහන්සේට කිසිවක් කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබිණි.


නායක පූජකයෝ ද විනයධරයෝ ද උන් වහන්සේ ඒ උපමාව ඔවුන්ට විරුද්ධ ව එල්ල කළ බව දැන, ඒ පැයේ දී ම උන් වහන්සේ අල්ලාගන්නට සෙවූ හ; එහෙත් සෙනඟ නිසා බිය වූ හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්