Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 18:39 - Sinhala New Revised Version 2018

39 ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඉදිරියෙන් ගිය අය නිශ්ශබ්ද වන ලෙස ඔහුට සැර කළහ. එහෙත් ඔහු ශබ්ද නඟා: “දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

39 පෙරටුවෙන් ගමන් කළෝ නිශ්ශබ්ද වන ලෙස ඔහුට තරවටු කළෝ ය. එහෙත් ඔහු වඩ වඩා හඬ නගමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනව” යි මොර ගැසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

39 පෙරටුවෙන් ගිය අය ඔහු නිශ්ශබ්ද වෙන පිණිස ඔහුට තරවටුකළෝය. නුමුත් ඔහු ශබ්ද නගා: දාවිත්ගේ පුත්‍රය, මට කරුණාකළ මැනවයි තව වඩ වඩා මොරගැසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 18:39
16 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්ස, මම ඔබෙන් අයැදින්නෙමි. මා ළඟට විගසින් වැඩිය මැනව. ඔබෙන් අයැදින කල මට සවන් දුන මැනව.


සමහරු උන් වහන්සේගේ අත්, ඔවුන් පිට තබවා ගනු පිණිස, තම ළදරුවන් පවා උන් වහන්සේ වෙත ගෙනාවෝ ය. ශ්‍රාවකයෝ ඒ දැක ඔවුන්ට තරවටු කළහ.


එය ඉවත් කරන මෙන් තුන් වරක් මම සමිඳාණන් වහන්සේගෙන් ඉල්ලුවෙමි.


එවිට සමූහයා අතරෙන් සමහර පරිසිවරු, “ගුරුදේවයෙනි, ඔබගේ ශ්‍රාවකයන්ට තරවටු කළ මැනවැ”යි උන් වහන්සේට කී හ.


ඔහු ද, “ජේසුස් වහන්ස, දාවිත්ගේ පුත්‍රය, මට අනුකම්පා කළ මැනවැ”යි මොරගැසී ය.


තවද ඔවුන් අධෛර්ය නොවී නොකඩවා යාච්ඤාවෙහි යෙදිය යුතු බව දක්වන පිණිස උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව වදාළ සේක:


විනයධරයෙනි, ඔබට වන විපතක මහත! විද්‍යාවේ යතුරු ඔබ ගෙන ගියාහු ය; එහෙත් ඔබ ම ඇතුළු නොවූවහු ය; ඇතුළු වන්නන් ද වළක්වාලූවහු ය.”


උන් වහන්සේ මෙ‍වදන් පවසද්දී ම, ධර්මශාලා නායකයාගේ ගෙදරින් කෙනෙක් අවුත්, “ඔබේ දුව මළා ය; ගුරුදේවයන් නොවෙහෙසන්නැ”යි කී ය.


“ඉල්ලන්න, ඔබට දෙනු ලැබේ; සොයන්න, ඔබට සම්බ වේ; තට්ටු කරන්න, ඔබට දොර අරිනු ලැබේ.


උන් වහන්සේ ඔවුන්ට කතා කොට, “ඇදහිල්ල මඳකමක හැටි! බිය වන්නේ මන්ද” කියා, නැඟිට, මාරුතයට හා මුහුදට නිශ්චල වන්න අණ කළ සේක. එවිට මහත් නිසංසලයක් විය.


ජේසුස් වහන්සේ එතැනින් යන කල අන්ධයෝ දෙදෙනෙක් මොරගසමින්, “දාවිත්ගේ පුත්‍රයාණෙනි, අපට අනුකම්පා කළ මැනව” කියමින් උන් වහන්සේ පසුපස ගියහ.


ජේසුස් වහන්සේ නැවතී, ඔහු තමන් ළඟට ගෙනෙන්න අණ කළ සේක. ඔහු ළඟට ආ කල,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්