Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ලූක් 17:34 - Sinhala New Revised Version 2018

34 මෙ‍ය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 මෙ‍ය ඔබට කියමි, ඒ රැයේ දී මනුෂ්‍යයන් දෙදෙනෙක් එක යහනක සිටිති; එක් කෙනෙක් ගනු ලබන්නේ ය, අනෙකා හැර දමනු ලබන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

34 මම ඔබට කියමි, ඒ රැයේදී දෙදෙනකු එක් යහනක නිදා සිටිනු ඇත; ඉන් කෙනෙක් ගනු ලැබේ; අනෙකා හැර දැමේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

34 නුඹලාට කියමි–ඒ රාත්‍රියේ මනුෂ්‍යයෝ දෙදෙනෙක් එක යහනක වන්නෝය; එක්කෙනෙක් ගනුලබන්නේය, අනික් එක්කෙනා අත්හරිනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 17:34
18 හුවමාරු යොමු  

මෙයින් පෙනෙන්නේ, සමිඳාණන් වහන්සේ භක්තිවන්තයන් පරීක්ෂාවලින් ගළවන්නට ද අභක්තිකයන් විනිශ්චයේ දවස දක්වා දඬුවම යටතේ තබන්නට ද දන්නා බව ය.


බලන්න, මම ඔබට කල්තියා කීවෙමි.


“පටු දොරෙන් ඇතුළු වන්නට වීර්ය කරන්න. මන්ද, බොහෝ දෙනෙක් ඇතුළු වන්නට සොයන නමුත් ඔවුන්ට නොහැකි වේ ය යි මම ඔබට කියමි.


එහෙත් සෝදිසියෙන් සිටින්න! මම කල් තියා සියල්ල ඔබට කීවෙමි.”


නුඹ නුඹේ ම වාසිය තකා ලොකු දේවල් සොයන්නෙහි ද? එසේ නොසොයන්න. මන්ද, සකල මනුෂ්‍ය වර්ගයා පිට මම විපත්තිය පමුණුවන්නෙමි. එහෙත්, නුඹ පමණක් යන යන තැන පණ රැකගන්නෙහි ය. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


බලන්න, පෙර මා කී දේ දැන් සිදු වී ඇත; මතු සිදුවන අලුත් දේ සිදුවන්නත් පෙර මම ඔබට ප්‍රකාශ කරමි.”


සිය අසල්වැසියන් සමඟ සාමදානයෙන් කතා කළත්, හිත යට නපුරු චේතනා ඇති දුෂ්ටයන් ද නොපනත්කම් කරන්නන් ද සමඟ මා පහ නොකළ මැනව.


පවිටුන් හා සමඟ මා විනාශ නොකළ මැනව; මිනීමරුවන් සමඟ මා පහ නොකළ මැනව.


එසේ නොවේ ය යි ඔබට කියමි. පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැමට වන්නේත් එම විපත්තිය ම ය”යි වදාළ සේක.


පසුතැවී සිත් හරවා නොගතහොත් ඔබ හැම ද එසේ ම විනාශ වන්නහු ය.


පේදුරු කතා කොට, “අන් හැම දෙනා ම අධෛර්යයට පත් වුණත්, මම නම් එසේ නොවන්නෙමි”යි උන් වහන්සේට කී ය.


සිය ජීවිතය රැකගන්නට සොයන්නා එය නැති කර ගන්නේ ය. සිය ජීවිතය නැති කරගන්නා එය රැක ගන්නේ ය.


ස්ත්‍රීහු දෙදෙනෙක් එකට ධාන්‍ය අඹරමින් සිටිති; එක තැනැත්තියක් ගනු ලබන්නී ය, අනෙක් තැනැත්තිය හැර දමනු ලබන්නී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්