Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ලූක් 15:12 - Sinhala New Revised Version 2018

12 ඔවුන්ගෙන් බාලයා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට අයිති කොටස දුන මැනවැ’යි පියාට කී ය. එවිට ඔහු තමාගේ දේපළ ඔවුන් අතර බෙදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඔවුන්ගෙන් බාලයා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට අයිති කොටස දුන මැනවැ’යි පියාට කී ය. එවිට ඔහු තමාගේ දේපළ ඔවුන් අතර බෙදා දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

12 ඔවුන්ගෙන් බාලයා තම පියා අමතා, ‘පියාණෙනි, ඔබගේ දේපළවලින් මට හිමි කොටස මට පවරා දෙන්නැ’ යි ඉල්ලා සිටියා. එවිට පියා ඔවුන් අතර තම දේපළ බෙදා දුන්නා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඔවුන්ගෙන් බාලයා: පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදාදුන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ලූක් 15:12
7 හුවමාරු යොමු  

ඔබේ බලය පා ඔවුන්ගෙන් මා ගැළෙවුව මැනව. දුදනන්ගේ පල විපාක මෙලොව දී ම ඔවුන්ට ලැබෙනු ඇත. ඔවුන්ට නියම කොට ඇති දුක් පීඩාවලින් ඔවුන්ට දඬුවම් කළ මැනව; ඒ දඬුවම ඔවුන්ගේ දරුවන්ට ද ඉතිරි කොටස දරුවන්ගේ දරුවන්ට ද දුන මැනව.


ඒ කවුරුත් තමන්ගේ වැඩිපුර මුදලින් යමක් දැමූ හ. එහෙත් මෑ, දුප්පත් ව සිටිය දීත් සිය දිවිපෙවෙත සඳහා තිබුණු මුළු වත්කම ම දැමුවා ය”යි වදාළ සේක.


තවද උන් වහන්සේ මෙ‍සේ වදාළ සේක: “එක් මනුෂ්‍යයෙකුට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියෝ ය.


නොබෝ දිනකට පසු බාල පුත්‍රයා සියල්ල එකතු කොටගෙන, දුර රටකට ගොස්, එහිදී දුරාචාරයෙහි යෙදෙමින්, තමාගේ සම්පත නාස්ති කරදැමී ය.


එහෙත්, ඔබගේ මුළු වත්කම පරස්ත්‍රීන් සමඟ නැති නාස්ති කළ මේ ඔබගේ පුතා ආ හැටියේ ම, ඔහු නිසා තර කළ වස්සා මැරෙව්වෙහි ය’යි පියාට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්