Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 9:29 - Sinhala New Revised Version 2018

29 දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

29 දෙවියන්වහන්සේ මෝස‍ෙස්ට කතා කළ වග අප දන්නවා. එනමුත් මේ මිනිසා කොහෙන් ආවා ද කියලවත් අප දන්නේ නැතැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 දෙවියන්වහන්සේ මෝසෙස්ට කථාකර තිබෙන බව අපි දනිමුව. නුමුත් මේ මනුෂ්‍යයා ගැන නම් ඔහු කොතැනින්දැයි අපි නොදනිමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:29
28 හුවමාරු යොමු  

ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මා ගැන ම මා සාක්ෂි දරන නමුදු, මාගේ සාක්ෂිය වලංගු ය; මන්ද මම කොතැනින් ආයෙම් ද, කොතැනට යන්නෙම් දැ යි දනිමි. එහෙත්, මා එන්නේ කොතැනින් ද; යන්නේ කොතැනට ද කියා ඔබ නොදන්නහු ය.


එසේ වුව ද දේව වරප්‍රසාදයෙන් අද දක්වා ලොකු කුඩා කාටත් සාක්ෂි දෙමින් මම මෙහි සිටිමි. මා කියන්නේත් අනාගතයේ දී සිදුවනු ඇතැ යි දිවැසිවරුන් හා මෝසෙස් කී දේ ම ය.


ඔහු මෙය කියන තෙක් ඔව්හු සවන් දුන්හ; ඉන්පසු ඔව්හු “මෙවැන්නෙකු නැත්තට ම නැති කරන්න! මොහු ජීවත් විය යුතු නැතැ”යි මොරගැසූ හ.


“අප කෙරෙහි අධිපතියෙකු හා විනිශ්චයකාරයෙකු ලෙස පත් කරන ලද්දේත්, ඔවුන් විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේත් මේ මෝසෙස් ය. එහෙත් පඳුරෙහි දර්ශනය වූ දේව දූතයා මඟින් අධිපතියෙකු හා මිදුම්කාරයෙකු ද වන පිණිස දෙවියන් වහන්සේ විසින් යවන ලද්දේත් මොහු ම ය.


ඔව්හු අන්ධ ව සිටි මිනිසා නැවතත් ගෙන්වා, “දෙවියන් වහන්සේ ඉදිරියේ ඇත්ත කියන්න; මේ මිනිසා නම් පව්කාරයෙකු බව අපි දනිමු”යයි කී හ.


එබැවින් පරිසිවරුන්ගෙන් සමහරෙක්, “ඒ මිනිසා සබත් විනය කඩ කරන බැවින් ඔහු දෙවියන් වහන්සේ වෙතින් පැමිණියෙක් නොවේ ය”යි කී හ. එහෙත් අන් සමහරෙක්, “පව්කාර මිනිසෙකුට මෙබඳු හාස්කම් කළ හැක්කේ කෙසේ දැ”යි ඇසූ හ. මෙසේ ඔවුන් අතර භේදයක් ඇති විය.


කෙසේ වෙතත්, මොහු පැමිණියේ කොහෙන් දැ යි අපි දනිමු. එහෙත් ක්‍රිස්තුවරයාණන් පැමිණි විට උන් වහන්සේ කොතැනින් වඩින සේක් දැ යි කිසිවෙක් දැන නොගනිති”යි කී හ.


කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.


ඔව්හු උන් වහන්සේ ගැන චෝදනා කරන්නට පටන්ගෙන, “මොහු අපේ ජාතිය කැරලිගැසීමට පොළඹවන බවත්, අධිරාජයාට අයබදු දීම තහනම් කරන බවත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක් යයි කියාගන්න බවත් අපි දැනගතිමු”යි කී හ.


“ ‘දේව මාලිගාව කඩාදමා එය තුන් දිනකින් යළි ගොඩනඟන්න මට පුළුවන’ කියා මොහු කීවේ ය”යි කී හ.


එවිට පරිසිවරු ඒ අසා, “මොහු දුෂ්ටාත්මාධිපතියා වන බෙල්සෙබුල්ගේ අනුහසින් මිස වෙන විධියකින් දුෂ්ටාත්මයන් දුරු නොකරති”යි කී හ.


“ඉශ්රායෙල්හි සියලු සෙනඟ විසින් පිළිපදිනු ලබන පිණිස හොරෙබ් කන්දේ දී මාගේ සේවක මෝසෙස්ට මා දුන් ආඥා හා නියෝග සිහි කරන්න.


කඳවුරේ දී, ඔව්හු මෝසෙස්ටත්, සමිඳුන්ගේ ශුද්ධ තැනැත්තා වූ ආරොන්ටත් ඊර්ෂ්‍යා කළෝ ය.


එවිට සිය සේවක මෝසෙස් ද තමන් තෝරාගත් ආරොන් ද සමිඳාණෝ යැවූ සේක.


සමිඳාණෝ ස්වකීය මාර්ග මෝසෙස්ටත්, තම බලවත් ක්‍රියා ඉශ්රායෙල් සෙනඟටත් දැක් වූ සේක.


අනේ! මම මිනිසෙක් නොව නර පණුවෙකි; මිනිසුන් අතර නීචයෙකි. ඔව්හු මෙමා හෙළා දකිති.


එකල ජේහු තම ස්වාමියාගේ සේවකයන් වෙත ආවේ ය. එක් කෙනෙක් කතා කොට, “සියල්ල හොඳින් තේරුණා ද? ඒ පිස්සා ඔබ ළඟට ආවේ කුමක්නිසා දැ”යි ඔහුගෙන් ඇසී ය. ඔහු ද, “ඒ මනුෂ්‍යයාත්, ඔහුගේ කතාවත් ඔබ දන්නවා නොවේ දැ”යි ඔවුන්ට කී ය.


‘ඔබ මොහු හිරගෙහි ලා මා සාමදානයෙන් එන තුරු මොහුට රොටි සහ වතුර හැර කිසිවක් නොදිය යුතු යයි රජ කියන්නේ ය’ කියා දන්වන්නැ”යි කී ය.


සමිඳාණන් වහන්සේ මුහුණට මුහුණ ලා ඇඳිනගත් මෝසෙස්ට සමාන දිවැසිවරයෙක් ඉන්පසු ඉශ්රායෙල්වරුන් අතර තවත් නො වී ය.


මෝසෙස් කතා කොට, “මේ කාරණා ඉටු කිරීමට සමිඳාණන් වහන්සේ මා එවූ බව නුඹලා මෙයින් දැනගන්නහු ය. මේවා කරන්නේ මාගේ ම බලයකින් නොවේ.


එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: “ඔබ සැම මා දන්නහු ය, මා පැමිණියේ කොතැනින් ද කියාත් දන්නහු ය. එහෙත් මා පැමිණියේ, මාගේ ම කැමැත්තෙන් නොවේ. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය. ඔබ උන් වහන්සේ නොදන්නහු ය.


ඒ මිනිසා පිළිතුරු දෙමින්, “මෙය මහ පුදුමයක්! ඔහු කොතැනින් ආවේ දැ යි ඔබ නොදන්නහු ය; එහෙත් මාගේ ඇස් පෑදුවේ ඔහු ය.


දෙවියන් වහන්සේ ආදි යුගවල දී, නොයෙක් විට ද විවිධාකාරයෙන් ද, දිවැසිවරයන් මඟින් අපේ පියවරුන්ට කතා කළ සේක.


එහෙත් දැන් මේ අවසාන කාලයේ දී උන් වහන්සේ සිය පුත්‍රයාණන් මඟින් අපට කතා කළ සේක. උන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේ මුළු විශ්වය මවා, සියල්ලේ උරුමකාරයාණන් කොට උන් වහන්සේ පත් කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්