Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 9:21 - Sinhala New Revised Version 2018

21 එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එහෙත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම දැ යි අපි නොදනිමු. ඔහුගේ ඇස් පෑදුවේ කවරෙක් ද කියාත් අපි නොදනිමු. ඔහුගෙන් ම අසන්න; දැන් ඔහු තේරෙන වයසැති කෙනෙකි. තමා ගැන ම කතා කරන්නට ඔහුට පුළුවනැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

21 එනමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොම ද කියා අප දන්නේ නැහැ; ඔහුගේ ඇස් විවර කළේ කවුරු ද කියාත් අප දන්නේ නැහැ. ඔහු වයස් පිරුණු කෙනෙක්; ඔහුගෙන්ම අසන්න; තමන් ගැන ඔහුම කතා කරාවි” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 නුමුත් දැන් ඔහුට පෙනෙන්නේ කොහොමදැයි නොදනිමුව; ඔහුගේ ඇස් පෑදුවේ කවුද කියාත් අපි නොදනිමුව. ඔහුගෙන් අසන්න; ඔහුට වයස් ඇත්තේය; ඔහුම තමා ගැන කියනවා ඇතැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 9:21
7 හුවමාරු යොමු  

එකල කිසිවෙකුට සුව කළ නොහැකි වූ, දොළොස් වසරක් මහලේ රෝගයෙන් පෙළුණු ස්ත්‍රියක්


එහි තිස් අට අවුරුද්දක් රෝගී ව සිටි එක් මිනිසෙක් විය.


“එසේ නම් නුඹේ ඇස් පෑදුණේ කෙසේ දැ”යි ඔව්හු ඔහුගෙන් ඇසූ හ.


ඔහුගේ මවුපියෝ පිළිතුරු දෙමින්, “මේ අපගේ පුත්‍රයා බව අපි දනිමු, ඔහු අන්ධ ව උපන් බවත් අපි දනිමු.


ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි.


ඒ නිසා ඔහුගේ මවුපියෝ, “ඔහු තේරෙන වයසැති කෙනෙකි; ඔහුගෙන් අසන්නැ”යි කී හ.


එහි අට අවුරුද්දක් අංශභාග රෝගයෙන් ඔත්පළ ව හුන් අයිනෙයස් නම් මනුෂ්‍යයෙක් ඔහුට හමු විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්