Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 7:26 - Sinhala New Revised Version 2018

26 එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 මෙන්න, ඔහු එළිපිටම කතා කරයි. ඒත් කෝ! කිසිවෙක් ඔහුට කිසිවක් කියන්නේ නැත. මෙතුමා ක්‍රිස්තුස්වහන්සේ වග අධිකාරීන් සැබෑවටම දැනගෙනවත් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එහෙත් ඔහු ප්‍රසිද්ධයෙන් කථාකරයි, ඔව්හු කිසි දෙයක් ඔහුට නොකියති. මොහු ක්‍රිස්තුස්වහන්සේ බව මුලාදෑනීහු සැබෑවටම දැනගෙන සිටිනවාදෝ?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 7:26
21 හුවමාරු යොමු  

ප්‍රධානීන්ගෙන් වත් පරිසිවරුන්ගෙන් වත් කිසිවෙක් ඔහු අදහාගත්තෝ ද?


මාගේ සිර අඩස්සි වීම හේතුකොටගෙන කිතුනු සහෝදරයන්ගෙන් වැඩි දෙනෙක් ධෛර්ය ලැබ දේව වචනය අභීත ව ප්‍රකාශ කිරීමට අධික ලෙස නිර්භීත ව සිටිති.


උගත්කමක් නැති සාමාන්‍ය මිනිසුන් වශයෙන් සිටි පේදුරුගේ ද ජොහන්ගේ ද නිර්භීතකම දුටු ඔව්හු මවිත වූ හ. ඔවුන් ජේසුස් වහන්සේ ඇසුරෙහි සිටියවුන් බව ද පෙනී ගියේ ය.


එසේ වුව ද, ප්‍රධානීන්ගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගත්හ. එහෙත් තමන් ධර්මශාලාවෙන් නෙරපනු ලබති යි පරිසිවරුන්ට බියෙන් එය එළිපිට නොකී හ.


ඔහුගේ දෙමවුපියන් මෙසේ කීවේ ජුදෙව්වරුන්ට බියෙනි. මන්ද, ‘යමෙක් උන් වහන්සේ ක්‍රිස්තුවරයාණෝ යයි ඒත්තුගන්නේ නම් ඔහු ධර්මශාලාවෙන් නෙරපාදැමිය යුතු ය’යි ජුදෙව්වරුන් නියම කරගෙන සිටි හෙයිනි.


එහෙත් පරිසිවරු ද විනයධරයෝ ද ඔහුගෙන් බව්තීස්ම-ස්නාපනය නොලැබූ බැවින් තමන් පිළිබඳ දෙවියන් වහන්සේගේ අභිප්‍රාය ප්‍රතික්ෂේප කළහ.


ඔව්හු හෙරෝදිවරුන් සමඟ තමන්ගේ ගෝලයන් උන් වහන්සේ වෙත යැවූ හ. ඔව්හු කතා කොට, “ගුරුදේවයෙනි, ඔබ අවංක කෙනෙකු බවත්, දෙවියන් වහන්සේගේ මාර්ගය හරි ලෙස උගන්වන බවත්, මිනිසුන්ගේ තරාතිරම් නොබලන බැවින් කිසිවෙකු නොතකන බවත් අපි දනිමු.


සැබැවින් ම යුක්තිය ඉටු කරන්නේ ය; එතුමා කලකිරෙන්නේ වත්, අධෛර්ය වන්නේ වත් නැත; මිහි පිට යුක්තිය පිහිටුවන තුරු එතුමාගේ දහම් මඟ උදාවන තුරු දිවයින් බලා සිටිනු ඇත.”


කිසිවෙකු ලුහුබැඳ නාවත් දුෂ්ටයා පලා යයි; එහෙත් ධර්මිෂ්ඨයා සිංහයෙකු මෙන් වැජඹෙයි.


පිලාත් නායක පූජකයන් ද ප්‍රධානීන් ද සෙනඟ ද රැස් කරවා,


එකල පරිසිවරුන්ගෙන් කෙනෙක් වූ ද, ජුදෙව්වරුන්ගේ ප්‍රධානියෙක් වූ ද, නිකොදේමුස් නම් මිනිසෙක් විය.


“එන්න ඇවිත් බලන්න, මා කළ සියල්ල මට කී මනුෂ්‍යයෙක් සිටියි. එතුමා ක්‍රිස්තුස් විය නොහැකි දැ”යි සෙනඟට කීවා ය.


එබැවින්, ජෙරුසලම් වැසි ඇතැමෙක්, “ඔවුන් මරන්නට සොයන්නේ මේ මිනිසා නොවේ ද?


එසේ වුව ද, සෙනඟගෙන් බොහෝ දෙනෙක් උන් වහන්සේ අදහාගෙන, “ක්‍රිස්තුවරයාණන් වැඩම කළ විට, මේ මිනිසා කර ඇති හාස්කම්වලට වඩා යමක් එතුමාණන් කරනු ඇද්දැ”යි ඇසූ හ.


ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්