Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 2:3 - Sinhala New Revised Version 2018

3 මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 තිබූ මිදි යුෂ ඉවර වූ කල, “ඔවුන්ට මිදි යුෂ ඉවර වෙලා” යි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවා ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මුද්‍රිකපානය ඉවරවූ කල: ඔවුන්ට මුද්‍රිකපානය නැතැයි යේසුස්වහන්සේගේ මෑණියෝ උන්වහන්සේට කීවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 2:3
8 හුවමාරු යොමු  

තවද, ඔබ මිනිසාගේ හද සතුටු කරන මිදියුස ද වත පැහැපත් කරන තෙල ද ගත සවිමත් කරන අහර ද සපයන සේක.


මංගල භෝජනයෙන් සන්තුෂ්ටිය ඇත; මුද්‍රික පානය ජීවිතය ප්‍රීතිමත් කරයි. ඒ කොයි දෙයටත් මුදල් අවශ්‍ය ය.


මිනිස්සු වීථිවල මුද්‍රික පානය ඉල්ලා කෑගසති. ප්‍රීතිය සදහට ම අතුරුදහන් වී ඇත. දේශයෙන් සන්තෝෂය පහ වී ගොස් ඇත.


“ඔබ සියල්ලෝ ම මෙයින් පානය කරන්න. මෙය පව් කමාව පිණිස බොහෝ දෙනා උදෙසා වගුරුවනු ලබන මාගේ ගිවිසුම් රුධිරය වේ.


එබැවින් ඒ සොහොයුරියෝ, “ස්වාමීනි, ඔබගේ හිතමිතුරා අසනීපයෙන් සිටී ය”යි උන් වහන්සේට දන්වා යැවූ හ.


සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක.


ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක.


ඔබ කිසිවක් ගැන කරදර නොවී, සියල්ලෙහි දී ස්තුති පූර්වක ව, යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබගේ අයැදීම් දෙවියන් වහන්සේට දන්වන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්