Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යොහන් 19:25 - Sinhala New Revised Version 2018

25 ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

25 යේසුස්වහන්සේගේ මෑණියෝ, උන්වහන්සේගේ මෑණියන්ගේ සහෝදරිය, ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා හා මග්දලාහි මරියා යේසුස්වහන්සේගේ කුරුසිය ළඟ සිටගෙන වුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

25 යේසුස්වහන්සේගේ මෑණියෝද මෑණියන්ගේ සහෝදරීවූ ක්ලෝපාස්ගේ භාර්යාවවූ මරියාද මග්දලායේ මරියාද උන්වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 19:25
10 හුවමාරු යොමු  

උන් වහන්සේ දැන හැඳින සිටි සියල්ලෝ ද ගලීලයේ සිට උන් වහන්සේ සමඟ ආ ස්ත්‍රීහු ද ඒ දේ නරඹමින් දුරින් සිටියහ.


සතියේ පළමු වන දා හිමිදිරියේ ම, අඳුර තිබිය දී, මග්දලායේ මරියා සොහොන් ගෙය ළඟට අවුත්, සොහොන් ගෙයින් ගල ඉවත් කොට තිබෙන බව දුටුවා ය.


ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, “මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය.


අශුද්ධාත්ම කෙරෙන් හා ලෙඩ රෝගවලින් සුවය ලත් සමහර ස්ත්‍රීහු ද තමන් කෙරෙන් දුෂ්ටාත්මයන් හත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලේනා නම් ලත් මරියා ද


එසේ ය, ඔබේ ම හදවත කඩුවකින් අනිනු ලැබුවාක් මෙ‍න් තුවාළ වනු ඇත. මෙ‍සේ වන්නේ, බොහෝ දෙනෙකුගේ සිත්හි රහස් කල්පනා එළිදරව් වන පිණිස ය”යි කී ය.


සතියේ පළමු වන දා අලුයම ජේසුස් වහන්සේ නැඟිට වදාළ කල, උන් වහන්සේ තමන් විසින් දුෂ්ටාත්මයන් සත් දෙනෙකු දුරු කරනු ලැබූ මග්දලායේ මරියාට මුලින් ම දර්ශනය වූ සේක.


උන් වහන්සේ සමූහයාට කතා කරමින් සිටිය දී ම උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද උන් වහන්සේ හා සමඟ කතා කරන්න ප්‍රස්තාවක් සොයමින් පිටත සිටියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්