Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යොහන් 18:20 - Sinhala New Revised Version 2018

20 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “මම එළිපිට ම ලෝකයාට කතා කෙළෙමි: ජුදෙව්වරුන් සියලු දෙනා එක්රැස් වන ධර්මශාලාවලදීත් දේව මාලිගාවේදීත්, නිතර ම අනුශාසනා කෙළෙමි. රහසින් කිසිවක් නොකීවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

20 යේසුස්වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, “ලෝකයට මා කතා කළේ එළිපිට ය. මා හැම විට ඉගැන්නුවේ සියලු යුදෙව්වන් රැස්වන සිනගෝගවලදී හා දේව මාලිගාවේදී ය. රහසිගතව මා කිසිවක් කතා කළේ නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: මම ප්‍රසිද්ධයෙන් ලෝකයාට කථාකෙළෙමි; සියලු යුදෙව්වරුන් රැස්වන්නාවූ සිනගෝගවලදීත් දේවමාළිගාවේදීත් නිතර ඉගැන්වීමි; රහසින් කිසිවක් කථානොකෙළෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යොහන් 18:20
25 හුවමාරු යොමු  

ඔබේ නාමය මාගේ සහෝදරයන්ට ප්‍රකාශ කරන්නෙමි; බැතිමතුන්ගේ සභාවේ දී ඔබට ප්‍රශංසා කරන්නෙමි.


සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක.


මා කතා කෙළේ රහසින් නොවේ; ලොවේ අඳුරු තැනක දී නොවේ. අවුල් වියවුල් ඇති තැනක දී මා සොයන්න ඉශ්රායෙල්වරුන්ට නොකීවෙමි. මම සමිඳු වෙමි; මම සත්‍යය වදාරමි; මම යුක්තිය ප්‍රකාශ කරමි.”


දැන් මා ළඟට පැමිණ මා කියන දේට සවන් දෙන්න. මම කිසිවක් නොසඟවා මුල සිට ම ප්‍රකාශ කෙළෙමි, මුල සිට ම මැවීම සමඟ මම සිටියෙමි.” ‘දෙවි සමිඳාණෝ සිය බලය මට දී මා එවූ සේකැ’යි සයිරස් කීවේ ය.


‘අන්න, උන් වහන්සේ පාළුකරයේ සිටින සේකැ’යි ඔවුන් ඔබට කීවොත්, පිටත් ව නොයන්න, ‘උන් වහන්සේ කාමරයක සැඟවී සිටින සේකැ’යි කීවත්, විශ්වාස නොකරන්න.


ඒ පැයේ දී ම ජේසුස් වහන්සේ ජනකායට කතා කොට, “ඔබ සොරෙකුට විරුද්ධ ව මෙන් කඩු මුගුරු ගෙන මා අල්ලන්නට ආවහු ද? මම දිනපතා ම දේව මාලිගාවෙහි උගන්වමින් සිටියෙමි. එහෙත්, ඔබ මා අල්ලාගත්තේ නැත.


එවිට උත්තම පූජකයා සන්තාපයෙන් යුතු ව තමාගේ වස්ත්‍ර ඉරාගෙන මොහු දේවාපහාසයක් කෙළේ ය. තවත් අපට සාක්ෂිකාරයන්ගෙන් වැඩක් නැත, මොහුගේ දේවාපහාසය දැන් ඔබට ඇසුණේ ය.


තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.


ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද, රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද, හැම අන්දමේ ලෙඩ රෝග සුව කරමින් ද සියලු නුවරවල හා ගම්වල සැරිසැරූ සේක.


උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය.


දිවා භාගයෙහි උන් වහන්සේ දේව මාලිගාවෙහි අනුශාසනය කළ සේක. රාත්‍රියෙහි නුවරින් නික්ම ගොස්, ඔලීව නම් කන්දෙහි නැවතුණ සේක.


උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක.


මාගෙන් විචාරන්නේ කුමක්නිසා ද? මා කී දේ ඇසූ අයගෙන්, මා ඔවුන්ට කීවේ කුමක් දැ යි ප්‍රශ්න කරන්න. මා කීවේ කුමක් දැ යි ඔව්හු දනිති”යි වදාළ සේක.


උන් වහන්සේ කපර්ණවුමේ ධර්මශාලාවෙහි උගන්වමින් සිටිය දී මේ සියල්ල වදාළ සේක.


මංගල්‍යයේ මැද හරියේ දී ජේසුස් වහන්සේ දේව මාලිගාවට වැඩම කර අනුශාසනා කරන්නට පටන්ගත් සේක.


එසේ වුව ද ඔහු එළිපිට ම කතා කරයි. එහෙත්, ඔව්හු කිසිවක් ඔහුට නොකියති. මේ ක්‍රිස්තුවරයාණන් බව ප්‍රධානීන් දැන සිටිනවා විය හැකි ද?


එවිට ජේසුස් වහන්සේ දේව මාලිගාවේ දී හඬනඟා අනුශාසනා කරමින් මෙසේ වදාළ සේක: “ඔබ සැම මා දන්නහු ය, මා පැමිණියේ කොතැනින් ද කියාත් දන්නහු ය. එහෙත් මා පැමිණියේ, මාගේ ම කැමැත්තෙන් නොවේ. මා එවා වදාළේ සත්‍යය ම වන තැනැන් වහන්සේ ය. ඔබ උන් වහන්සේ නොදන්නහු ය.


එසේ කියන්නේ, ප්‍රසිද්ධ වන්නට කැමැති කිසිවෙකු රහසින් කිසිත් නොකරන බැවිනි. ඔබ මේ දේවල් කරන්නෙහි නම්, ලෝකයාට ප්‍රකාශ වුව මැනවැ”යි කී හ.


අලුයම උන් වහන්සේ දේව මාලිගාවට වැඩිය සේක. මුළු සෙනඟ උන් වහන්සේ වෙත පැමිණියහ. උන් වහන්සේ වැඩහිඳ ඔවුන්ට උගන්වා වදාළ සේක.


ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදාළ තැනැන් වහන්සේ සත්‍යය බැවින් උන් වහන්සේගෙන් මා ඇසූ දේ මම ලෝකයාට ප්‍රකාශ කරමි”යි වදාළ සේක.


මේ දේවල් ගැන රජතුමාට මනා දැනුමක් ඇත. එබැවින් නොබිය ව එතුමාට කතා කරමි. මන්ද, මේ දේවලින් කිසිවක් අස්සක මුල්ලක සිදු නොවූ බැවින් ඒවා එතුමාගෙන් සැඟවී නැතැ යි විශ්වාස කරමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්