Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




මාක් 9:26 - Sinhala New Revised Version 2018

26 එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝ සේ සලිත කොට පිටතට ආවේ ය. ළමයා ද මළකඳක් මෙන් විය. ඒ නිසා වැඩි දෙනා “ඔහු මැරිලා ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 එවිට දුෂ්ට ආත්මය මොරගසා ඔහු බොහෝ සේ සලිත කොට පිටතට ආවේ ය. ළමයා ද මළකඳක් මෙන්‍ විය. ඒ නිසා වැඩි දෙනා “ඔහු මැරිලා ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 එවිට ඌ කෑ ගසා, සැහැසිව දරුවා වෙවුලවා, පිටතට ආයේ ය. දරුවා මළ කඳක් සේ විය. “ඔහු මැරිලා” යි බොහෝ දෙනෙක් කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එවිට ආත්මය මොරගසා, බොහෝසේ ඔහු වෙවුලවමින්, පිටතට ආවේය. ඔහු මළ කෙනෙකු මෙන් විය; එබැවින් ඔහු මැරුණේයයි වැඩිදෙනා කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




මාක් 9:26
8 හුවමාරු යොමු  

ඔව්හු උන් වහන්සේ වෙතට ළමයා ගෙනාහ. උන් වහන්සේ දුටු කෙණෙහි ම ඒ ආත්මය ඔහු තදින් සලිත කරලී ය. ඔහු ද බිම වැටී පෙරළි පෙරළී කටින් පෙණ දමන්න වන.


එවිට අශුද්ධාත්මය ඔහු වේගයෙන් සලිත කොට, මහහඬින් මොරගසමින් ඔහු කෙරෙන් දුරු විය.


එබැවින් ස්වර්ගයෙනි, එහි වැසියෙනි, ප්‍රීති සන්තෝෂ වන්න. අහෝ! පොළොවටත් මුහුදටත් වන විපත! මන්ද, යක්ෂයා තමාට වැඩි කලක් නැති බව දැන, කෝපාවිෂ්ට ව, ඔබ වෙත බැස ගියේ ය” යනු යි.


ඒ ආත්මය ඔහු මැඩලන කොතැනක දී වුව ද ඔහු බිම හෙළයි. එවිට ඔහු කටින් පෙණ දමයි; දත්මිටි කයි; දරදඬු වෙයි. මේ ආත්මය දුරු කරන ලෙස මම ඔබේ ශ්‍රාවකයන්ගෙන් ඉල්ලුවෙමි. එහෙත් ඔවුන්ට එය කළ නොහැකි වී ය”යි කී ය.


මා පාරාවෝ වෙත ගොස් ඔබේ නාමයෙන් කතා කළ දවසේ පටන් ඔහු මේ සෙනඟට පීඩා කරයි. ඔබ වහන්සේ ද ඔබ සෙනඟ මුදාලීමට කිසි ම දෙයක් කර නැතැ”යි කීවේ ය.


එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, “දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය.


සමූහයා එක් ව දුවගෙන එන බව ජේසුස් වහන්සේ දුටු කල උන් වහන්සේ අශුද්ධාත්මයට තරවටු කොට, “ගොළු බිහිරි ආත්මය, මොහු කෙරෙන් දුරු වෙව, තවත් මොහුට ආවේශ නොවන්නට තට අණ දෙමි”යි වදාළ සේක.


එහෙත් ජේසුස් වහන්සේ ඔහු අතින් අල්ලා එසෙවූ සේක. ඔහු සිටගත්තේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්