මාක් 8:15 - Sinhala New Revised Version 201815 උන් වහන්සේ කතා කොට, “සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 උන් වහන්සේ කතා කොට, “සිහි කල්පනාවෙන් යුතුව, පරිසිවරුන්ගේ මුහුන්වලින් ද හෙරොද්ගේ මුහුන්වලින් ද පරෙස්සම් වන්නැ”යි ඔවුන්ට අණ කළ සේක. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය15 උන්වහන්සේ ඔවුන්ට අවවාද කරමින්, “බලාගෙනයි! පරිසිවරුන්ගේ මුහුන්වලින් හා හෙරෝද්ගේ මුහුන්වලින් පරෙස්සම් වන්නැ” යි කී සේක. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version15 උන්වහන්සේ: ඵරිසිවරුන්ගේ මුහුන්වලිනුත් හෙරොද්ගේ මුහුන්වලිනුත් ප්‍රවේසම්වෙන්ට බලාගන්නැයි ඔවුන්ට අණකළසේක. පරිච්ඡේදය බලන්න |
තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට කතා කොට, “ඔබ ශක්තිමත් ව, ධෛර්ය සම්පන්න ව සිට එය ඉෂ්ට කරන්න. බිය නොවන්න; නොකැළඹෙන්න. මන්ද, මාගේ දෙවියන් වහන්සේ වන දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ වැඩ වසන සේක. සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ මෙහෙය පිණිස සියලු කර්මාන්ත නිම වන තුරු උන් වහන්සේ ඔබෙන් ඉවත් නොවන සේක; ඔබ අත් නොහරින සේක.